සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ රට අත්විඳින්නේ පසුගිය රජය දියත් කළ වැඩපිළිවෙළ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකළ නිසා ලැබෙන ප්‍රතිඵලයක්… වැඩිපුර උද්දාමයට පත් නොවන්නැයි හර්ෂ ආණ්ඩුවට කියයි!

by editor
දෙසැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ණය ගෙවා ගත නොහැකි බංකොලොත්භාවයට පත් වීමෙන් අනතුරුව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායාමට වැටී අවුරුදු දෙක හමාරකින් අනතුරුව ඉන් ඉවත් වුව ද මේ මොහොතේ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්නට ලංකාවට හැකියාවක් නැති බවත් එම තත්ත්වය ලඟා කරගැනීම සඳහා තවත් අවුරුදු දෙකක්වත් ගතවන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ගමන් කිරීමෙන් අනතුරුව ණය ශ්‍රේණිය BBB තෙක් හෝ ඉහළ ගියහොත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට එකතු වීමට හැකියාවක් ඇති බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කරගත හැකි තැනට අපේ ආර්ථිකය නැති බව පෙන්වා දුන්නේය.

ඔහු අවධාරණය කළේ මේ අත්පත් කරගත් ආර්ථික සහනය පවතින ආණ්ඩුව නිසා පැමිණි ආශ්චර්යයක් නොව පසුගිය රජය කළ වැඩපිළිවෙළත් එම වැඩ පිළිවෙළ මේ ආණ්ඩුව විසින් ඉස්පිල්ලක් පා පිල්ලක් වෙනස් නොකර පවත්වාගෙන යෑම නිසා රටට අත්වූ ප්‍රගතියක් පමණක් බවත් උද්දාමයට පත්වන ආණ්ඩු හිතෛශීන් සිහිකරගත යුතු බවත්ය.

“ෆිච්, මූඩීස් ශ්‍රේණිගත කිරීම යම් ඉහළ දැමීමකට ලක්වෙලා තියෙනවා. ඇත්තටම ඒක සතුටුදායක ආරංචියක් මුළු රටටම.”

“ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගන්න පුළුවන් ශ්‍රේණිගත කිරීමකට තවම අපි ඇවිත් නැහැ. ඒකට BBB වගේ තැනකට එන්න වෙනවා. එතනට එන්න ආර්ථිකය තවත් ශක්තිමත් විය යුතුයි.”

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

“මේ ලැබිලා තියෙන්නේ ගිය ආණ්ඩුවෙන් කරපු සහ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු අණ පනත් හරහා… රටේ වැටිලා තිබුණු ආර්ථිකය යම් ස්ථාවර භාවයකට ගේන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක්.”

“එහෙම නැතුව අලුතෙන් කරපු දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මූලිකවම මෙතන තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ජනාධිපතිවරණයට දින 2කට කලින් වෙච්ච එකඟතාවය ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට අරගෙන යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ.”

“මාලිමාවේ අය ඡන්දෙට කලින් කිව්වා…ණය තිරසර කිරීමේ විශ්ලේෂණය (DSA) වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා.”

“නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් මාලිමාවේ විකල්ප DSA එකක් පාවිච්චි කළේ නැහැ. මම කියන්නේ නැහැ ඒ පොරොන්දුව මත හිඳිමින් මේක වෙනස් කළ යුතුයි කියලා. මොකද එහෙම කළොත් තව අවුරුද්දක් දෙකක් අපිට අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ගන්න බැරි වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක දැනගෙනම ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම.”

“හැබැයි කරගෙන ගිය වැඩේ ඒ විදියටම ඉදිරියට අරගෙන යෑම නිසා රටට සෙතක් සැලසෙනවා.”

“කාලෙකට පස්සේ 3 වෙනි කාර්තුව 5.5කින් වර්ධනය වුණා. ඊළඟට කුමක් සිද්ධ වෙනවා ද ?. ඒ සඳහා ගතයුතු පියවර මොනවා ද ?. කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා.”

“ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනත් කියලා තියෙන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ විදියටම ඉදිරියට ගියොත් ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න හැකියාවක් තියෙනවා කියලා.”

“2027 වෙනකොට IMF එකඟතාවය අනුව නැවතත් අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් ණය ලබාගන්න සිද්ධ වෙනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුද්ධය ඇති කාලේ සිට වසා දැමූ පාරවල් අරින රජය දිවුලපතාන ගමට යන පාර විවෘත නොකරන්නේ ඇයි?. මඩකලපුවේ හාමුදුරුවෝ අසති!

Next Post

විදෙස් මාධ්‍ය වාර්තා කළ බෙත්ලෙහෙමේ අඳුරු නත්තල…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.