දිනසේන රතුගමගේ –
යාපනයේ මරදන්කේණී මුහුදට මුහුදු සැතපුම් සීයක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අනතුරකට පත් බෝට්ට්ටුවක සිටි මගීන් 132 ක් නාවික හමුදාව විසින් බේරාගෙන කන්කසන්තුරේ වරාය වෙත ඊයේ (17) රැගෙන විත් තිබේ.
මෙම මගීන් සියළු දෙනාම මියන්මාර් ජාතිකයින් බවට මූලිකව හඳුනාගෙන ඇතත් ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂා කිරීම් හමාර වී නොමැති නිසා ඔවුන් ගැන තොරතුරු හෙළි කළ නොහැකි බව යාපනයේ ආගමන විගමන නිලධාරීන් කියා සිටියි.
මහ මුහුද මැද බෝට්ටුවක් අනතුරට පත්ව ඇති බව ධීවරයින් පිරිසක් විසින් නාවික හමුදාවට දැණුම් දීමෙන් පසුව නාවික හමුදා යාත්‍රා හතරක් එම තොරතුර ප්‍රකාශ වූ දෙසට ගමන් කිරීමෙන් පසුව මහ මුහුද මැදදී බෝට්ටුව අනතුරට ලක්වීමෙන් පසුව අතරමං වූ පිරිස බේරාගෙන තිබේ.
අනතුරට පත් බෝට්ටුව ගොඩ බිමට රැගෙන ඒම සදහාද නාවික හමුදාව පියවර ගෙන තිබේ.
මුහුද මැදදී විපතට පත්ව සිටි මගීන්ට නාවික හමුදාව විසින් වෛද්‍ය පහසුකම් හා මූලික ප්‍රථමාධාර ලබා දී ඇත.
කන්කසන්තුරේ පොලීසිය හා නාවික හමුදාව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.