දිනසේන රතුගමගේ –
මන්නාරමේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවට ධීවර බෝට්ටුවක ආධාරයෙන් පලා යමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු 16 දා මුහුදට වැටී තිබේ.
නාවික හමුදාවේ යාත්‍රාවක් මෙම අනතුර දැකීමෙන් පසුව වහාම එම ස්ථානයට පැමිණ අනතුරට පත් පස් දෙනා බේරා ගෙන ඇත.
පිරිමි තුන් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත් පිරිස අතර සිටින අතර නාවික හමුදාව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව ආපසු මන්නාරම වෙත රැගෙන විත් තිබේ.
මේ පස් දෙනා මුහුදට ඇද වැටී ඇත්තේ ඔවුන් ගමන් කළ ධීවර බෝට්ටුව අධික සුළඟට හසුවීමෙන් පසුව මුහුද මැද එක තැන කැරකවීම නිසා බව අනතුරට පත් බෝට්ටුවේ සිටි පිරිස නාවික හමුදාවට ප්‍රකාශ කොට තිබේ.