බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල මණ්ඩලයට පමණක් නොවෙයි… සමස්ථ විදුලිබල ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි – විදුලි ඉංජිනේරුවෝ කියති!

by editor
මාර්තු 6, 2023 - Updated on මාර්තු 7, 2023
in පුවත්
ceb
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

විදුලි බල මණ්ඩලය පමණක් නොව, සමස්ථ විදුලිබ ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගකරණයක් කිරීම අවශ්‍ය බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල පනත ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයේ සෑම පාර්ශව කරුවෙක්ම මෙම ප්‍රතිව්‍යුගත කරණයට යටත් විය යුතු බව පවසන ඉංජිනේරු සංගමය ජනතාව අසහනයට පත් නොකරන අයක්‍රමයක්, අර්බුදයක් ඇති නොවන ආකාරයේ විදුලි ජනන ශක්තියක්,  පාඩුවක් නොලබා සේවා සපයන ආයතනයක් ලෙස විදුලි බල මණ්ඩලයට පැවැත්මක් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම ප්‍රතිව්‍යුගතකරණය කළ යුතු බව පෙන්වා දෙයි.

ලංකාසර ට අදහස් දක්වමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මෙසේ ද පැවසුවේය.

“ ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඇයි?. මේ වැඩපිළිවෙළ   . කාගෙවත් උවමනාවට කවුරුහරි  කියනවට කාගෙවත් උවමනාවට  කරනව ද, නැතිනම්  ඒ සඳහා සැබෑ හේතුවක් තියනව ද කියලා අපි මුලින්ම බලන්න ඔන. අපි විදුලි ඉංජිනේරු සංගමය විදිහට මේ ප්‍රතිව්‍යුහගතකරණය දකින්නෙ ඒ විදිහට.

“ අපි දන්නවා මේ රටේ විදුලි අර්බුදයක් තියනවා. පැය විසි හතරම විදුලිය දෙන්න බෑ. විදුලි අය ක්‍රමයේ අසාධාරණයක් තියනවා. ඒක ජනතාවට දරාගන්න බැරි අය ක්‍රමයක්.  මේ ප්‍රධාන   ප්‍රශ්න දෙකට අමතරව දැවැන්ත ප්‍රශ්නයක් තියනවා.  ලංකාවේ විදුලිය සැපයීමේ පැවැත්ම තියෙන්නෙ විදුලි බල මණ්ඩලයෙ. එය පාඩු ලබන්න බෑ. ලාභ ලැබීම කෙසේ වෙතත් පාඩුවක් නැතිව පවත්වා ගැනීම සඳහා විදුලි ජනන වියදම පියවා ගත හැකි අය ක්‍රමයක් අවශ්‍යයයි. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මේ ප්‍රධාන කාරණා තුන ඔස්සේ යම් ප්‍රතිව්‍යුහගත කරණයක් අවශ්‍ය වෙනවා. ඒකට ලංකා විදුලිබල මණ්ඩලය විතරක් ප්‍රතිව්‍යුහගතකරණය කරලා බෑ.   ලංකාවේ සමස්ථ විදුලිබ ක්ෂේත්‍රයේම යම්  ප්‍රතිව්‍යුගතකරණයක් කරන්න ඕන.”

මොනවද ප්‍රතිව්‍යුගතකරණයට ලක් විය යුතු ක්ෂේත්‍ර-

ඉහත ප්‍රශ්න තුන ඇතිවීමට    බලපාන පාර්ශවකරුවන් ගණනාවක් විදුලි බල ක්ෂේත්‍රය තුළ  ඉන්නවා.  රජය පාර්ශවයෙන් වගකීම දරන විදුලිබ අමාත්‍යාංශය ඉන් ප්‍රධාන එක් පාර්ශවයක්.  ලංකා  විදුලිබල මණ්ඩලය තව පාර්ශවයක්.    සුනිත්‍ය බලශක්ති අධිකාරිය තව එකක්.  මහජන උපයෝගීතා කොමිසම තවත් පාර්ශවයක්. මේ සියලුම පාර්ශව වගේම විදුලි පනතත් සංශෝධනය විය යුතුයි.

විදුලි පනත විදුලි පනත නිසා සමහර ව්‍යාපෘති අපට ක්‍රිියාත්මක කරන්න බැරිවෙනවා.  මහජන උපයෝගීතා කොමිෂන් සභාව.  ඒ අය  එක්ක  ඇතිවන අනවශ්‍ය ගැටුම් හේතුවෙන්    සාධාරණ අය ක්‍රමයක් හදාගන්න අපට බැරිවෙලා තියනවා.

අපි හිතනවා මේ වනවිට විදුලිය තියනවා දැන් ප්‍රශ්නය හරි කියලා. ඒත් ඒක ඉතාම තාවකාලික උත්තරයක්. මේ වනවිට විදුලි ජනනය සඳහා අති විශාල ලෙස භාවිතා කරන්නේ ඉන්ධන දහනයෙන් යොදා ගන්නා තාප බලය. ඉතා අධික විදුලි ජනන ක්‍රමයකින් තමයි විදුලිය දෙන්නේ. එහි අධි භාරය තමයි මහජනයාට අසාධාරණ අය ක්‍රමයකින් පැටවුනේ.

අද මේ ඇතිවෙලා තියන තත්ත්වයට ප්‍රධානම හේතුව අත්තනෝමතික දේශපාලන බලපෑම.  මේ වනවිට අප මගොවොට් 500ක තාප බලයක් පාවිච්චි කරනවා.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාම්පූර් බලාගාරය අවලංගු නොකළා නම් 2020 වනවිට එම බලාගාරය විදුලි පද්ධතියට එකතුවෙලා. ඒ බලාගාරයෙන් නිශ්පාදනයවන විදුලිය සඳහා ඩීසල්වලට සාපේක්ෂව ඉතා අඩු මිලක් යන්නේ.  අද ඇතිවෙලා තියන සියලු ප්‍රශ්නවලට පිළිතුර එතන තිබුණා. දේශපාලන අධිකාරිය ඒ උත්තරය වැලැක්කුවා. මේ ප්‍රතිව්‍යුගතකරණයේ දී වැදගත් විද්‍යාත්මක කටයුතුවලට දේශපාලනයේ අත්තනෝමතික මැදිහත්වීම නැතිකරණ ක්‍රමවේදයක් ඇති විය යුතුයි කියලා අපි  යෝජනා කරනවා. ඉන් ප්‍රකාශ කරන්නේ පුද්ගලකරණය කරලා කළු කඩ මුදලාලි කෙනෙකුට මේක දෙන්න ඕන කියන එක නෙමෙයි.

මේ ප්‍රශ්න සියල්ලම විසඳන, සේවය කාර්යක්ෂම කරන ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වෙනවා. එහෙම නොකර මණ්ඩලය පමණක් ප්‍රතිව්‍යුහගකරණය කියලා කරන්න යන කටයුත්ත කිසිසේත්ම ඵලදායී නෑ.

ඒ වගේම මණ්ඩලයට මුදලාලිලා කීප දෙනෙක් දාලා මේ ප්‍රශ්නය විදන්න බෑ. යෝජනා කර ඇතැයි සැලකෙන විදිහට  එක් අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩල පහළොවක් දාසයක් දාලා මේක ක්‍රියාත්මක කරන්න හදනවා  නම් ඒ බර පැටවෙන්නෙත් පාරිභෝගික ජනතාව මතමයි.

එබැවින් විදුලි බල ක්ෂේත්‍රයටම රටට වැදගත් නිවැරදි   ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍යයයි. ඒ සඳහා ඉංජිනේරු සංගමය පූර්ණ සහයෝගය දෙනවා.

හැබැයි ඉන් පරිබාහිරව කිසිම දේකට අපි සහයෝගය දෙන්නෙ නෑ. මේ ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධානම පාර්ශව කරුවෙක් අපි. මේක කළමනාකාරිත්වය හොබවන්නේ ඉංජිනේරුවරු. ජනාධිපතිවරයාට කතා කරලා අවස්ථාවක් අරන් ඒ සඳහා මැදිහත්වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීරකැටියේ ගමක ගැමියන් හා පොලිසිය අතර ගැටුමක් මැද SI කෙනෙකුගේ කන් දෙකම වෙන් වෙන්න හපා කාලා… පොලිසියේ 08ක් තුවාලයි!

Next Post

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ දී කොටු වෙති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.