ලලිත් චාමින්ද –
විදුලි අධිකාරිවරයෙකු ඇතුළු දෙදෙනෙකුට පහරදිම සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගත් බැව් වදුරඹ පොලිසිය පවසයි.
මේ දිනවල වදුරඹ සිට පොල්ගහවිල දක්වා අධිබැලැති විදුලි රැහැන් ඈදිමේ විදුලි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. මන්ත්‍රිවරයාගේ නිවස අසල මාර්ගයෙන් අනික් පස අධිබලැති විදුලි කණුවක් ඉදිකිරිමට මන්ත්‍රිවරයා විරෝධය දක්වා ඇත.
ඉකුත් 05 වැනිදින මන්ත්‍රීවරයා විසින් ගාල්ල දිස්ත්‍රික් කැණිම්භාර විදුලි අධිකාරිවරයාට විදුලි කණුව ඉදිකළහොත් බලාගෙනයි යනුවෙන් දුරකථනයෙන් තර්ජනය කොට ඇති බව පොලිසිය පවසයි.
ඊයේ දින (06) විදුලි අධිකාරිවරයා විදුලි කණුව සිටුවිමට පැමිණි අවස්ථාවේ මන්ත්‍රිවරයා විසින් විදුලි අධිකාරිවරයාට තර්ජනය කොට පහරදී ඇති බව පොලිසිය පවසයි. පසුව එම ස්ථානයට ගම්වාසින් පරිසක්ද එක්වී මන්ත්‍රීවරයාට එරෙහිව විදුලි ව්‍යාපෘතියට බාධා කිරීමට කටයුතු කරන්න එපා යැයි කියා විරෝධය දක්වා ඇත. එම අවස්ථාවේ එහි සිටි දෙදෙනෙකුට ද මන්ත්‍රිවරයා විසින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
විදුලි කණුව තම නිවස අසල සිටුවීම නිසා සංඥා වලට බාධා එල්ලවිමත් තම පරිගණකයවත් ක්‍රියාත්මක කිරිමට නොහැකි බවත් පවසා මන්ත්‍රිවරයා විදුලි කණුව සිටුවනවාට විරෝධය දක්වා ඇත.
පහරදිමේ සිද්ධි 03ක් සම්බන්ධයෙන් ලද පැමිණිලි 03ක් මත මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි.වදුරඹ පොලිස් ස්ථානාධිපති රුක්මන් කුමාර ගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.