අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය බිඳවැටීම්ක දී භාවිතා කරන්න බිලියන 2කට වඩා වියදම් කර ගෙනා ජනන යන්ත්‍ර 50ත්  බිඳවැටිලා… විගණනය කියන කතාව!

by editor
දෙසැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

විදුලිය නිෂ්පාදනයේ දි  සිදුවන ජනන  සහ සුළු  ඌණතා හේතුවෙන්  මුළු  විදුලි පද්ධතියම බිඳ වැටෙන අවස්ථාවලදි  එකි සුළු අවහිරතා   මගහරවා ගැනිම සඳහා රුපියල් මිලියන 2,373.32ක මුදලක්   වැයකොට  බහාලුම්ගත ඩිසල්ජනක යන්ත්‍ර 50ක් මිලදිගෙන තිබුනද  ඉන්  බලාපොරොත්තුවු අරමුණ ඉටුකරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ බහාලුම්ගත මෙගාවොට් 50ක ධාරිතාවකයින් යුතු  ඩිසල් ජනක යන්ත්‍ර 50ක්, බහාලුම්ගත ට්‍රාන්ස්පෝමර් 25ක් බහාලුම්ගත ඉන්ධන ටැංකි 25ක්  මිලදී ගැනීමට තිරණට කොට තිබුණි. 

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල් රුපියල් මිලියන 3000ක් වු අතර  මේ සඳහා  කොන්ත්‍රාත් වටිනාකමින් සියයයට 10ක මුදලද සහිතව  කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන2373.32කි.

 මම  ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කිරිමේ අරමුණ වුයේ  ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටිම්වලදී  ආදල සේවාව ප්‍රාදේශිය මට්ටමින් අඛන්ඩව ලබාදීම බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

ඉන් දිවයිනේ  විවිධ ප්‍රදේශයන්ට විදුලිය බිඳවැටිමෙන් සිදුවන අවහිරතා  තාවකාලිකව මගහරවා ගැනිම, ජනජීවිතයේ දෛනික කටයුතු, මහජන හා කර්මාන්ත කටයුතු  අඛන්ඩව  පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරණු ලැබිය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් එම අරමුණු ඉටුකරගැනිමට අපොහොසත් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කාර්මික දෝෂ, ඉන්ධන නොමැතිවිම, ලිහිසිතෙල් නොමැතිවිම  ආදි හේතු නිසා මෙම ඩිසල්  ජනන යන්ත්‍ර  2019 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පැය 52452ක්, 2021 වර්ෂයේ පැය 36120ක්, 2022 වර්ෂයේ පැය 57320ක්, මෙම වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා  පැය 35345ක් ක්‍රියාවිරහිත වී තිබි ඇත. 

මෙම  ඩිසල් විදුලි ජනනයන්ත්‍ර මිලදි ගැනීමට පෙර කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට  නොතිබු  අතර   යන්ත්‍රවල කාර්යසාධනය  අපේක්ෂික මට්මක නොපවතින බවත්  එම යන්ත්‍ර දෝෂවලින් යුක්ත බවත් විගණනය මගින් අනාවරණය කොට ඇත.

2016 අප්‍රේල් මස 25 වැනිදින පොළොන්නරුව  ප්‍රදේශයේ පැය කිහිපයක් පුරා සිදුවු  හදිසි විදුලිය බිදවැටිමක් පදනම්කරගෙන  එවකට සිටි විදුලිබල හා බලශක්ති ඇමතිවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී  මෙම ව්‍යාපෘතියට අදාල යෝජනාව ඉදිරිපත්වි ඇත. 

ව්‍යාපෘති යෝජනාව  ලංකා විදුලිබල මණ්ඩලයේ සංයුක්ත සැලැස්මේ  ක්‍රියාකාරි සැලැස්මේ, දිගුකාලින ජනන සැලැස්මේ හෝ  ප්‍රසම්පාදන සැලැස්මේ ඇතුළත්කර නොතිබු අතර  මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර  ඒ පිළිබද අධ්‍යයනයක් සිදුනොකොට අවශ්‍යතාවය  තිරණය කොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 ඩිසල් විදුලි ජනන යන්ත්‍ර මිලදි ගැනීමේ කොන්ත්‍රාත්තුව  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පසුගිය යහපාලන  රජය කාලයේ දි (2017 නොවැම්බර් මස 16) ප්‍රසම්පාදන පිළිගැනිමේ ලිපිය නිකුත්කොට තිබුණි. 

2018 වර්ෂයේ  ජනවාරි 17 දින  කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කොට තිබුණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අදත් හවස මහ වැසි….

Next Post

ඉන්දියාවටත් අයත් නොවන බව කියන අමුතු හැඩයක බෝට්ටුවක් වඩමරච්චි වෙරළට ගොඩගසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.