ලලිත් චාමින්ද
විදුලිය නිෂ්පාදනයේ දි සිදුවන ජනන සහ සුළු ඌණතා හේතුවෙන් මුළු විදුලි පද්ධතියම බිඳ වැටෙන අවස්ථාවලදි එකි සුළු අවහිරතා මගහරවා ගැනිම සඳහා රුපියල් මිලියන 2,373.32ක මුදලක් වැයකොට බහාලුම්ගත ඩිසල්ජනක යන්ත්‍ර 50ක් මිලදිගෙන තිබුනද ඉන් බලාපොරොත්තුවු අරමුණ ඉටුකරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ බහාලුම්ගත මෙගාවොට් 50ක ධාරිතාවකයින් යුතු ඩිසල් ජනක යන්ත්‍ර 50ක්, බහාලුම්ගත ට්‍රාන්ස්පෝමර් 25ක් බහාලුම්ගත ඉන්ධන ටැංකි 25ක් මිලදී ගැනීමට තිරණට කොට තිබුණි.
මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල් රුපියල් මිලියන 3000ක් වු අතර මේ සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් සියයයට 10ක මුදලද සහිතව කොන්ත්‍රාත්කරුට ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන2373.32කි.
මම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ අරමුණ වුයේ ජාතික විදුලි පද්ධතියේ හදිසි බිඳවැටිම්වලදී ආදල සේවාව ප්‍රාදේශිය මට්ටමින් අඛන්ඩව ලබාදීම බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඉන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට විදුලිය බිඳවැටිමෙන් සිදුවන අවහිරතා තාවකාලිකව මගහරවා ගැනිම, ජනජීවිතයේ දෛනික කටයුතු, මහජන හා කර්මාන්ත කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරණු ලැබිය.
එහෙත් එම අරමුණු ඉටුකරගැනිමට අපොහොසත් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
කාර්මික දෝෂ, ඉන්ධන නොමැතිවිම, ලිහිසිතෙල් නොමැතිවිම ආදි හේතු නිසා මෙම ඩිසල් ජනන යන්ත්‍ර 2019 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පැය 52452ක්, 2021 වර්ෂයේ පැය 36120ක්, 2022 වර්ෂයේ පැය 57320ක්, මෙම වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා පැය 35345ක් ක්‍රියාවිරහිත වී තිබි ඇත.
මෙම ඩිසල් විදුලි ජනනයන්ත්‍ර මිලදි ගැනීමට පෙර කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදුකොට නොතිබු අතර යන්ත්‍රවල කාර්යසාධනය අපේක්ෂික මට්මක නොපවතින බවත් එම යන්ත්‍ර දෝෂවලින් යුක්ත බවත් විගණනය මගින් අනාවරණය කොට ඇත.
2016 අප්‍රේල් මස 25 වැනිදින පොළොන්නරුව ප්‍රදේශයේ පැය කිහිපයක් පුරා සිදුවු හදිසි විදුලිය බිදවැටිමක් පදනම්කරගෙන එවකට සිටි විදුලිබල හා බලශක්ති ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතියට අදාල යෝජනාව ඉදිරිපත්වි ඇත.
ව්‍යාපෘති යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලයේ සංයුක්ත සැලැස්මේ ක්‍රියාකාරි සැලැස්මේ, දිගුකාලින ජනන සැලැස්මේ හෝ ප්‍රසම්පාදන සැලැස්මේ ඇතුළත්කර නොතිබු අතර මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ඒ පිළිබද අධ්‍යයනයක් සිදුනොකොට අවශ්‍යතාවය තිරණය කොට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ඩිසල් විදුලි ජනන යන්ත්‍ර මිලදි ගැනීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පසුගිය යහපාලන රජය කාලයේ දි (2017 නොවැම්බර් මස 16) ප්‍රසම්පාදන පිළිගැනිමේ ලිපිය නිකුත්කොට තිබුණි.
2018 වර්ෂයේ ජනවාරි 17 දින කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කොට තිබුණි.