ලබන 07 වැනිදා ඩීසල් නැවක් එන තෙක් කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබා දිය නොහැකි බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා පවසයි.
ඊට පෙර මෙම බලාගාරයට තෙල් ලබාදුනහොත් රටේ සෙසු කටයුතු සඳහා ඩීසල් හිඟයක් මතුවන බවද ඇය කීවාය.
ඒ මෙරට ජලවිදුලි බලාගාරවලින් ජාතික පද්ධතියට එක් කරන ධාරිතාව සියයට 32ක් දක්වා පහත බැස ඇති පසුබිමකදී ය.
විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති දත්තවල දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මකවන තාප විදුලි බලාගාරවලත් ඉන්ධන පවතින්නේ සීමිත තත්වය ක බවය.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පවසන්නේ එකඟ වූ පරිදි විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දුන් බවය. එහෙත් මුලින් ගණනය කළ ප්‍රමාණයන්ට වඩා අධිකව බලාගාර ක්‍රියාත්මක කීරීම හේතුවෙන් නියමිත දිනවලට පෙර විදුලිබල මණ්ඩලය ඉන්ධන අවසන් කරගෙන ඇති බවය.
ඇය පෙන්වා දෙන්නේ රෙස්කෝස් බාගාරයට දින 11ක් සඳහා දුන් ඉන්ධන දින 08කින් ඉවර කරනෙ ඇති අයුරුය. කැලණිතිස්ස බලාගාරයට අද වනතුරු ක්‍රියාත්මක කීරීමට තක්සේරු කළ ප්‍රමාණයට ඉන්ධන ලබා දී ඇති බවත් ඇය කීවාය.