දිනසේන රතුගමගේ
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මහතා අතර විශේෂ හමුවක් 19 දා සවස යාපනයේදී පැවැත්වුණි.
විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී මේ හමුව පැවති අතර මෙහිදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ යළි එකමුතු කරවීමට ඇති අවශ්‍යතාවය පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව වාර්තාවේ.
පැය දෙකක කාලයක් පැවති මේ සාකච්ඡාව හුදෙක් පෞද්ගලික හා රහසිගත සාකච්ඡාවක් බවත් එම සාකච්ඡාවට ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවකු සහභාගී නොවූ බවත් වාර්තාවේ.