දිනසේන රතුගමගේ
කිළිනොච්චිය පුනරීන් නගපට්ටුවාන් ප්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී එම පළාතේ අතීත වැසියෝ නාගයින් වන්දනා කළ බව තහවුරු කළහැකි පුරාවස්තු රැසක් ඇතුළත් මංජුසා 4 ක් පසුගියදා හමු වී තිබේ.
මෙම පුරාවස්තු පරීක්ෂා කළ යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජෙයෂ්ඨ මහාචාර්ය එන්.පුෂ්පරත්නම් මහතා ප්‍රකාශ කොට ඇත්තේ පුනරීන් පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසියෝ නාගයින් වන්දනා කළ බවයි.
උතුරේ නාගදීප නාගපට්ටුවාන් නාගකුලම් ආදී වශයෙන් හදුන්වන අද ප්‍රදේශවල නාග ගෝත්‍රිකයින් විසූ බව පවසන මහාචාර්යවරයා මෙම පුරාවස්තු වලට පෙර උතුරේ වැසියෝ මකරුන්ට ගරු කළ බව හැගවෙන පුරා වස්තුද හමු වූ බව ප්‍රකාශ කරයි.
කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ කළ පුරා විද්‍යා කැනීම් වලදී විවිධ නාගරූප ඇතුළත් මැටි මංජුසා හතරක් මේ වන විට හමු වී තිබේ.