විකෘති කොවිඩ් ප්‍රභේද ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්තව ඇතිදැයි සොයා බැලීම සඳහා වූ පරීක්ෂණ අද (27) ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
මේ සඳහා විදේශයෙන් ආනයනය කළ විශේෂිත පී.සී.ආර්. කට්ටල ඇතුළු සියලු පහසුකම් ඊයේ (26) මෙරටට ලැබුණු බව ඔහු වැඩිදුරටත් කියයි.
ලෝකයේ විවිධ රවල පැතිරී ඇති වෙනස් විකෘති ප්‍රභේද ලංකාවේද පැතිරී ඇතිදැයි මින් හඳුනා ගත හැකි බව පෙන්වා දෙයි.
අද (27) සිට ආරම්භ කරන පරීක්ෂණවල ප්‍රතිඵල මේ සතියේදීම නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආචාර්ය ජීවන්දර විශ්වාසය පල කරයි. .