අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විකාශන අධිකාරී පනත කූඨ ලේඛණයක්… වහාම හකුලා ගන්න… ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ආණ්ඩුවට දන්වයි!

by editor
ජූනි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව කූඨ ලෙස ගෙන ඒමට උත්සාහ කරන විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමේ යෝජිත කෙටුම්පත කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන බවත් අදාල යෝජනාව වහාම ඉල්ලා අස්කරගන්නා ලෙසත්  ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ආණ්ඩුවට දන්වා ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය  ගුණවර්ධන වෙත    ලිපියක් යොමු කරමින් එම සංගමය දන්වා සිටින්නේ කිසිදු උපදේශනයකින් තොරව අහඹු ලෙස කෙටුම්පත් කර ඇති එම ලියවිල්ලේ  රටේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන භයානක විධිවිධාන අඩංගු බවය.

විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළව ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කැබිනට අනුකමිටුව සකස්කළ ලියවිල්ල පසුගිය දා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට ලබාදී තිබුණේ ඔවුන්ගේ මතය විමසමිනි.

මෙය ක්‍රියාත්මක කළහොත් එමගින් මාධ්‍ය අවකාශය සීමා කරන, අදහස් ප්‍රකාශ කිරීමට, සිතීමට හා හෘද සාක්ෂියට බලපෑම් කරන අඳුරු දිනයක් උදාවනු ඇතැයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පමණක් පත් කරනු ලබන සහ ආණ්ඩුවේ පාලනය යටතේ පත් කෙරෙන මාධ්‍ය නියාමන කොමිසම රටේ ස්වාධීන මාධ්‍ය සම්බන්ධයෙන් හානිකර නියාමන යාන්ත්‍රණයක් සහ ප්‍රවේශයක් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය මෙරට කම්කරු නීතිවලටද පටහැනි අතර මාධ්‍ය ආයතන හිමියන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් නීත්‍යානුකූල අපේක්ෂාවන් නොසලකා හැරීමක් බව ද එහි සඳහන් වේ.

සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහස, සමානාත්මතාවයට ඇති අයිතිය, ප්‍රකාශනයේ නිදහස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති කරුණු ගණනාවක් සමග ප්‍රතිවිරෝධතා කිහිපයක් මෙම කෙටුම්පතට ඇතැයි විද්‍යුත් විකාශකයින්ගේ සංගමය අවධාරණය කරයි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍යයට සහ සිව්වන කුළුණ පිළිබඳ සංකල්පයට අහිතකර බලපෑමක් ඇති කරන බව ඔවුන්ගේ මතයයි.

යෝජිත පනත් කෙටුම්පත මාධ්‍ය සංවිධානවල ප්‍රගමනයට සැලකිය යුතු අවදානමක් ඇති කරන බවත්, සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම අනතුරේ හෙළන බවත් ඔවුන් ජනමාධ්‍ය අමාත්‍යවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සටහන් නොවුනත් අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිකමින් දිනපතා රෝගින් මිය යනවා… විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

Next Post

පෝලන්තයේ රැකියා දෙන බව කියා මුදල් ගැරූ අය කොටු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.