සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැව පූජනීයයි හිටපු ජනපති තුමනි…  චමින්දගෙ ගල්කොරිය, ඩඩ්ලිගෙ හෝටලය සහ දහම්ගෙ නිවස ඉවත් කරන් වැඩි දුර කතා කරමු….

කුමන්ත්‍රණවලට යට වී පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරුව නවත්වන්නෙ නෑ... රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැව පූජනීය බවත් ඒ සම්බන්ධව කිසිම  තර්කයක් නැති බව කියන රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ  පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරුව වැවේ පූජනීය බව නැති කරන බව පවසන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රායෝගික වන ලෙසත් වැව පූජනීය බැවින් වැව ඉහත්තාවේ තිබෙන සහෝදරයාගේ ගල් කොරියත්, වැව් තාවුල්ලේ ඇති පුත්‍රයාගේ නිවසත්, වැව් තාවුල්ලටත් ඇතුළට ගොස් වැට ගසාගෙන තිබෙන ඩඩ්ලි සිරිසේනගේ හොටලයත් ඉවත් කරගෙන කතා කරන්නට පැමිණෙන ලෙස පවසයි.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී හිරු ටීවී  බලය වැඩසටහනට එක් වෙමිනි. තමන් මෙවැනි කතාවක් කියන්නට කිසිසේත්ම අපේක්ෂා නොකළ බව කී රාජ්‍ය ඇමතිවරයා සංඝරත්නය නොමග යවා, සමහර පිරිස් හසුරුවමින්   හිටපු ජනාධිපතිවරයා කරන   කුමන්ත්‍රණයට යට වී පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරුව ගොඩනැගීම නවත්වන්නේ නැති බව  අවධාරණයෙන් කියයි.

ඔහු වැඩිදුරටත් කියන කතාව මෙසේය.

“ සමුද්‍රයේ ඉහත්තෑවෙ තියෙන්නෙ හිටපු ජනාධිපති තුමාලගෙ ගල් කොම්පැනියක්. වැවේ ජල පෝෂක ප්‍රදේශයේ ඒක තියෙන්නේ. වැව පූජනීයයි. ඒ නිසාම මා පළමුව ඉල්ලා සිටිනවා හිටපු ජනාධිපති තුමාගෙන්    වනජීවී කලාපයත් එක්ක අත්පත් කරගෙන ඉන්න ඔබතුමාලගේ ගල් ක්‍රෂර් ඉවත් කරගන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දෙවනුවත් තෙවනුවත් වැව පූජනීයයි.  ඒ පූජනීය වැවේ තාවුල්ලෙ තමයි එතුමාගෙ පුතාගෙ ගේ හදලා තියෙන්නෙ. සහෝදරයා ඩඩ්ලි සිරිසේනගෙ හෝටලය හදලා තියෙන්නෙ  වැව තාවුල්ලටත් එළියට ගිහින් වැට ගහලා. “

“ඔබතුමා ඔච්චර ආදර්ශයක් දෙන්න නම් හදන්නෙ පුතාගෙ ගේ අයින් කරගන්න. සහෝදරයගෙ හෝටලය අයින් කරගන්න. “

“මේවා අහගන්නෙ විහින්. මේවා කියන්න හටපු දේවල් නෙමෙයි. අපි මිනිස්සු විදිහට මැරිලා යනවා . වෛරයක් අවශ්‍ය නෑ. නිකම්ම නිකම් මෛත්‍රීපාල සිරිසේන උනාට පස්සෙ තමයි මම එතුමා එක්ක ගිහින් කතා කළේ. මොනවද දැන් මේ කියන්නෙ.“

“මම මේ ව්‍යාපෘතිය අරගෙන ආවෙ ඉතාම සාධනීය විදිහට.  වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙ අනුමැතිය ගත්තේ ජනවාරිවල. නාගරික සංවර්ධන අධිකාරියෙ අනුමැතිය අරන් තියනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ අනුමැතිය අරන් තියනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය අරන් තියනවා. පලාත් මාර්ග අධිකාරියෙ අනුමැතිය අරන් තියනවා. නගර සභාවේ අනුමැතිය අරන් තියනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙ අනුමැතිය ගත්තේ 2021.02.16 වෙනිදා.  සියලුම වෘත්තිකයින් දීපු අනුමැතියක් කුමන්ත්‍රණකාරී කුහක කණ්ඩායමක් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බෑ.“

“ඕන නම් පොලොන්නරුවෙ ගොවි ජනතාව මම බස්සලා පෙන්වන්නම්. එතකොට තේරෙයි පොලොන්නරුවේ ජනතාව ඉන්නේ රොෂාන් එක්ක ද ඔවුන්ට ඇවිදින මං තීරු ඕනද කියලා මං පෙන්වන්නම්.  කුමන්ත්‍රණකාරී පිරිසක් එකතු වෙලා    මහා සංඝරත්නය නොමග යවලා මේ වැඩේ නවත්වන්න දෙන්නෙ නෑ  කියන එක නම් මම කියනවා.“

“හෝටල්වලට යන ලොකු ලොකු කෙරුම් කාරයන්ට විතරක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ටත් පරාක්‍රම සමුද්‍රයෙ පහස විඳින්න අපි අවස්ථාව සලසා දෙන්න ඕන. “

රාජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹට එන්න ආව චීන පොහොර නැව සිංගප්පූරුවට හරවයි!

Next Post

පහන්තුඩාවේ යුවලට වසර හතකට අත්හිටවූ මාස තුනක සිර දඬුවමක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.