අද (5) උදෑසන වැලිවේරිය අඹරළුව පාර ජුබිලි කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් යතුරුපැදියකින් පැමිණි නාඳුන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වී තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ උඩුගම්පොල මාදෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් එම ස්ථානයේ යතුරු පැදිය දමා කුඩා ලොරි රථයකින් පලා ගොස් ඇතැයි පොලිිසය කියයි.
වෙඩි තැබීම පාදක හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පලා ගිය සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට වැලිවේරිය පොලිිසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.