අද (10) රාත්රියේ වැලිමඩ, ඩයරබා ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීම නිසා මගීන් 20 දෙනෙක් පමණ තුවාල වී එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
මෙලෙස අනතුර ලක්න ඇත්තේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න ප්රමාණයක් මිරහවත්ත ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා දියතලාව, වැලිමඩ සහ බදුල්ල රෝහල් වෙත ඔවුන් මාරුකර යවා තිබේ.
වැලිමඩ රෝහලේ ප්රකාශකයෙකු පැවසුවේ, එලෙස ඇතුළත් කෙරුණු එක් පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.







