වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ඉදිරිපස ආසන්නයේ ගසක් මුල දමා ගිය පිස්තෝල පහක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ගියේ රාත්‍රී සොයාගෙන තිබේ.
මෙම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සෝදිසි වැටලීම් මේ දිනවල දැඩි කර ඇති අතර එම මෙහෙයුම් අතරතුර මෙම පිස්තෝල අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
එම පිස්තෝල හමු වූ ආකාරයේ යම් අසාමාන්‍ය ස්වභාවයක් බවක් පවතින අතර ඒ කිසිවකු විසින් සැලසුම් සහගතව දමා ගිය ආකාරයක් දක්නට ඇති බව මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිසිය සඳහන් කරයි.
වැලිගම ප්‍රදේශය මේ වනවිට මෙරටට මත්ද්‍රව්‍ය මුහුද හරහා ගෙන එන ප්‍රධාන මම ස්ථානයක් ලෙස හඳුනා ගෙන ඇති අතර එම මුහුදු තීරයෙන් ගෙන එන ලද මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පසුගිය කාලය තුළ කිහිප වරකදීම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.