මනම්පිටිය නිමල් ජයරත්න –
මඩකලපුව තොප්පිගල මාවඩිඕඩේ පුරාවිද්‍යා ප්‍රදේශයක අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර යොදා නිදන් වස්තු කැණීම් කරමින් සිටී පොලොන්නරුව වැලිකන්ද රුවන්පිටිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ඇතුළු හමුදා සෙබළුන් තුනක් සහ චීවරධාරියකු, යුද හමුදාවට අයත් ජිප් රථයක් සමග ඊයේ (31) සවස අත්අඩංගුවට ගෙන තිබේ..
අත්අඩංගුවට ගත් යුධ හමුදා අණදෙන නිලධාරිවරයා වැලිකන්ද රුවන්පිටිය තුන්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීවරයා ලෙස සේවය කරන ලුතිනන් කර්නල් වරයෙකි.
අනිත් හමුදා නිලධාරීන් දෙදෙනා එම කඳවුරට අනුයුක්තව සේවය කරන අතර එක් අයෙක් යුද හමුදා සැරයන්වරයෙකි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර අති නවීන ඩීප් සීකර් වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් ද (GDS 1574), Casper වර්ගයේ Tab යන්ත්‍ර 01 ක්ද, යුධහමුදාවට අයත් කැබ් රථයක්ද (යු.හ. 50929) ජංගම දුරකථන 04 ක්ද වෙි.
අත්අඩංගුවට ගෙන සිටින අණදෙන නිලධාරිවරයා සහ හමුදා නිලධාරීන් දෙදෙනා සමඟ චීවරධාරියා සහ යුධ හමුදා ජීප් රථය අද (01) එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පරීක්ෂණ සිදුකරන කරදියනාරු පොලිසිය කියයි.
සැකකරුවන් ස්කෑන් යන්ත්‍ර යොදා නිදන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සලකුණු කරන ලද ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙන බවද පරීක්ෂණ පවත්වන කරදියනාරු පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශ්යේ විහාරස්ථානයක වැඩවාසය කරන අයෙක් බවද පොලිසිය කියයි.
වව්නතිව් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුධ හමුදා ජීප් රථය කරදියනාරු පොලිසිය වෙත භාරදී තිබේ,
විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර ගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරී නලීන් පෙරේරාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම මත කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.එස්. ඊබ්‍රහිමි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත.
කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.