දිනසේන රතුගමගේ –
මන්නාරමේ පම්බන් දකුණ ධීවර වරායේ මසුන් මරමින් සිටි ධීවරයින් පිරිසකට වටිනා කිලෝ ග්‍රෑම් 55 ක් බර ඉතා දුර්ලභ ගණයේ මත්ස්‍යයෙකු හමු වී තිබේ.
ධීවරයින් විසින් හිරු මත්ස්‍යයින් ලෙස හදුන්වන මෙම මත්ස්‍ය විශේෂය දෙමළ ධීවරයින් විසින් සූර්ය මීන් වශයෙන් හඳුන්වනු ලබන අතර ඔවුන් ධීවරයින්ගේ දැලකට හසුවන්නේ ඉතා කලාතුරකින් බව මන්නාරමේ ධීවරයෝ කියා සිටියහ.
මෙම දුර්ලභ මත්ස්‍යයා දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණි අතර මන්නාරම් වැල්ලේ මාලු වෙන්දේසි කළ අවස්ථාවේදී මෙම මත්ස්‍යයා රුපියල් 80000 කට අලෙවි වී තිබේ.