අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැල්ලම්පිටියේ දි කපා කොටා ඝාතනය කර තිබෙන්නෙ ඩෑන් ප්‍රියසාද්ගෙ සොයුරා…

ඔහුට පුද්ගල ඝාතනයට තැත් කිරීම් සම්බන්ධ චෝදනා රැසක්... ඝාතනයට මුල මත්ද්‍රව්‍ය ජාවාරමක් නිසා ඇතිවූ ප්‍රශ්නයක් විය හැකියැයි පොලිසිය කියයි...

by editor
ජූලි 26, 2022
in පුවත්
murder
Share on FacebookShare on Twitter

වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම යට දී කපා කොටා ඝාතනය කර ඇත්තේ නව සිංහලයේ සංවිධානයේ සභාපති මෙන්ම අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද්ගේ  සොයුරෙක් වන ප්‍රකාශ් තිලණි කුමාර (34) නැමැත්තා බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ මැරයෙක් ලෙස ජීවත් වූ බවත් පුද්ගලයින්ට කපා කොටා මාරාන්තික තුවාල කිරීම් සම්බන්ධව චෝදනා රැසකට සහ නඩුවලට සම්බන්ධ පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.

මේ ඝාතන සිද්ධිය වනවිටත් ඔහුට මෙවැනි පුද්ගල ඝාතන තැතක් සම්බන්ධ නඩුවක් සම්බන්ධ උසාවි නියෝගයක් අනුව සෑම සතියකම ඉරිදා වැල්ම්පිටිය පොලිසියට වාර්තා කරන්නට නියම වී ඇති බවද හෙළි‍ වේ.

එමෙන්ම පොලිස් විමර්ශන අංශ පවසන්නේ මේ තැනැත්තා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණු බවය. බොහෝ විට මෙම ඝාතනය එම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ප්‍රකාශ් තිලිණ කුමාර නැමැති මෙම තැනැත්තා සෑම දිනකම පාහේ පුරුද්දක් ලෙස කල්ලි ගැසී ඔරුගොඩවත්ත ගුවන්පාලම යට ගත කරන බව  විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එසේ සිටියදී විදුලිය විසන්ධි වූ අවස්ථාවක සුදු පැහැති වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම ඝාතනය කර ඇත.

වාහනයේ පසුපස ආසනයේ ඉඳගෙන පැමිණි දෙදෙනා පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැළඳ සිට ඇති අරත ඔවුන් අතේ මන්නා පිහි දෙකක් තිබී ඇත. එම පිහිවලින් පන්න පන්නා මරණකරුට කෙටූ බවත් අනතුරුව වාහනයට නැගී අවිස්සාවේල්ල පැත්තට පලා ගිය බවත් වාර්තාවන තොරතුරු කියයි.

විදුලිය විසන්ධි වූ අවස්ථාවක් බැවින් සීසීටීවී දර්ශන ලබා ගැනීමේ අසීරුතාවයක් ඇතැයි ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල්ට ඡන්දය දුන්නේ ඇමතිකම් ගන්න නොවෙයි… විග්නේෂ්වරන්

Next Post

ඉන්ධන කෝටාව වැඩි කරයි….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.