දිනසේන රතුගමගේ –
ආදරවන්තයින් වැලන්ටයින් දිනය සමරන අද (14) උදෑසනම යාපනයේ කරෙයිනගර් පාරේ එක් වෙළඳසලක වැලන්ටයින් තෑග්ගක් හඳුන්වා දී තිබිණි.
ඒ කිසිදු රසායන ද්‍රව්‍යයක් පොහොරක් නොමැතිව වවන ලද යාපනයේ මුරුංගාය.
අදාල වෙළදසැල් හිමියා වැලන්ටයින් දිනය නිමිත්තෙන් මුරුංගා ග්‍රෑම් 500ක් රුපියල් 499කට මිල කොට පුවරුවක සඳහන්කොට තිබුණේ ආදරය ගුණයෙන් පිරී ඉතිරී යාමට ආදරවන්තයාට මුරුංගා මිටියක් ලබා දෙන ලෙසය.
මෙය හුදෙක්ම වෙළද දැන්වීමක්ම නොවූයේ මේ දිනවල යාපනයේ මුරුංගා ග්‍රෑම් 500 ක මිල රුපියල් 700 ත් 800 ත් අතර වීම නිසාය.ඒ මේ කාලයේ යාපනයේ මුරුංගා වල අවාරය වීමයි.







