දිනසේන රතුගමගේ –
කොවිඩ් –19 වසංගතයේ බ්‍රිතාන්‍ය කෙන්ට් ප්‍රදේශයෙන් හමු වූ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් වවුනියාවේ පමණක් නොව යාපනය හා මන්නාරම ප්‍රදේශ වලට සිටින බවට සැකයක් මතු වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පළාතේ සියළුම සෞඛ්‍ය නිලධාරීන්ට දනුම් දී තිබේ.
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී සිදු කළ පර්යේෂණවලට අනුව උතුරේ වවුනියාව ප්‍රදේශයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් –19 වෛරසේ නව ප්‍රභේදය වන B–1.1.7 වැළඳුණු රෝගීන් හමු වී ඇති බව ප්‍රකාශ වූවත් යාපනය මන්නාරමයන පළාත්වල කොවිඩ් වෛරස් රෝගය පැතිර යන සීඝ්‍රතාවය සැලකිල්ලට ගන්නා විට එම පළාත් වලද වෛරසය ආසාදිත වූවන් සිටින බවට විශාල සැකයක් පහල වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ එකම පවුලකින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් හතර දෙනෙකුගේ පී.සී.ආර්.සාම්පල හා මන්නාරමේදි ඒ ආකාරයටම එකම පවුලක හමු වූ රෝගීන් තුන් දෙනෙකුගේ පී.සී.ආර්.සාම්පල නව වෛරසය ආසාදනය වී ඇද්දැයි සෙවීම සඳහා කොළඹට යවා තිබේ.
කෙසේ වෙතත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පළාතේ සෙසු නිලධාරීන් දැනුවත් කරමින් සඳහන්කොට ඇත්තේ නව වෛරසය වවුනියාවේ ඇති බවට තොරතුරු ලැබීමත් සමගම උතුරු පළාතෙන් කොවිඩ් රෝගය වැළදුණු රෝගීන් 28 දෙනෙකු හමු වී තිබීමත් ඔවුන් එකම පවුල් වලට හා එකම තැන හැසුරුණු පිරිස් වීමත් නිසා වවුනියාවට අමතරව උතුරේ යාපනය හා මන්නාරම පළාත් වලද කොවිඩ් නව ප්‍රභේදය පැතිර ඇති බවට විශාල සැකයක් ඉස්මතු වී ඇති නිසා ඒ පිළිබදව දැඩි සැලකිල්ලෙන් සිටින ලෙසයි.