චේම්බරයට සීල් තබා වැඩ තහනමට ලක් කළ කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාරට අයත් පුද්ගලික භාණ්ඩ රැගෙන යෑමට අද (19) දිනය තුළ දී ඇයට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අවසරය ලැබී තිබේ.
පසුගිය 17 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළ මහේස්ත්‍රාත්වරිය සහ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වූ ප්‍රධාන නීතිඥවරයා අතර අධිකරණ මැදිරිය තුළ සිදුවී ඇතැයි කියන අශෝභන සිදුවීමක් මුල් කරගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරියගේ චේම්බරයට සීල් තබා ඇයගේ වැඩ තහනම් කර විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
මෙම අධිකරණය ඩේසි ආච්චිගේ මැණික්මල්ලේ නඩුව, යෝෂිත රාජපක්ෂට එරෙහි සී.එස්.එන් නාලිකාව පිළිබඳ නඩුව, පාර්ලිමේන්තු ගෘහ සේවා අංශයේ කාන්තාවන්ට සිදු වූ අතවර නඩුව වැනි රටේ ආන්දෝලනයට ලක් වූ නඩු ගණනාවක් මෙම අධිකරණයේ අදාල විනිසුරුවරිය ඉදිරිපිට ඇසෙමින් තිබුණු බැවින් මෙම සිද්ධිය රටේ ඉමහත් ආන්දෝලනයට ලක් වී ඇත.







