අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩිවෙන ගම්පහ කොවිඩ් දේහ ආදාහනයට ඇමති ප්‍රසන්න විසඳුමක් කියයි

by Lanka Sara Editor
අගෝස්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් තුළ කොවිඩ්‍ මෘතදේහ ගොඩ ගැසෙන බැවින් ඒවා ආදාහනය සඳහා දැනට ක්‍රියාත්මක නොවන ආදාහනාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, පළාත් පාලන ආයතන කොමසාරිස් වරයාට උපදෙස් දී තිබේ.

දැනට පළාත් පාලන ආයතන සතු සියලු ආදාහනාගාර මෙම කොවිඩ් මළසිරුරු ආදාහන කටයුතුවලට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ගම්පහ රෝහල් තුළ මළසිරුරු ගොඩගැසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරණය සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මෙම උපදෙස් දී තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ද අමාතවරයා පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදෙස් සංචාරක නිරතව සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍යය බලධාරීන්ට උපදෙස් දෙමින් මෙසේ කීය.

ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 න් ඉහළ සියලු දෙනා එන්නත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

එම තත්ත්වය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සීග්‍ර වෛරස ව්‍යාප්තිය කෙරෙහි සැලකිලිමත් වෙමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ලක්ෂ 5ක් හා වයස අවුරුදු 18ටත් 30ත් අතර පුද්ගලයින් ලක්ෂ 3ක් පමණ ප්‍රමාණයක් තවමත් එන්නත ලබා ගෙන නොමැත. එසේම එන්නත්කරනය කළ යුතු අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් ප්‍රමාණය ලක්ෂ තුනක් පමණ වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දත්ත අනාවරණය කරයි.

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් වාර්තාවන දිස්ත්‍රික්කයේ රෝහල් වල අවශ්‍යතාවය අනුව කොවිඩ් වාට්ටු ප්‍රමාණය වැඩි කරන ලෙස පළාත් සෞඛ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය.

අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරුණු වැරැල්ලවත්ත අතරමැද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තවමත් විවෘත නොකෙරෙනු ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙහි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බලා එම ප්‍රතිකාර මධ්‍යස්ථාන හැකි ඉක්මනින් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඇඳන් 1000 කඩිනමින් ලබාදෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා මෙම ලෝක වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් බව ජනතාව වටහා ගත යුතු බව අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ පැහැසර හෙට දවස වනසන ළමා අපයෝජනය

Next Post

ඉදිරි මාසය තීරණාත්මකයි – ඔබේ එන්නත ඉක්මනින් ලබාගන්න – යුධ හමුදාධිපති ජනතාවට දැනුම් දෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.