අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩබලන ජනපති  යුද හමුදාවට  බලය පවරයි… යුද හමුදාව අරගලකරුවන්ට අනතුරු අඟවයි….

by editor
ජූලි 14, 2022
in පුවත්
Army members travel on an armoured car on the main road after the curfew was extended for another extra day following a clash between Anti-government demonstrators and Sri Lanka's ruling party supporters, amid the country's economic crisis, in Colombo, Sri Lanka, May 11, 2022. REUTERS/Dinuka Liyanawatte

Army members travel on an armoured car on the main road after the curfew was extended for another extra day following a clash between Anti-government demonstrators and Sri Lanka's ruling party supporters, amid the country's economic crisis, in Colombo, Sri Lanka, May 11, 2022. REUTERS/Dinuka Liyanawatte

Share on FacebookShare on Twitter

රාජ්‍ය දේපල හා ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා බලය  හමුදාවන්ට පවරා ඇති බවත් ලබා දී ඇති එම බලය පාවිච්චි කිරීමට ආරක්ෂක හමුදාව කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව  අවධාරණය කරමින් යුද හමුදාව  නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් යුදහමුදාවට පවතින තත්ත්වය පාලනය කරන්නට බලය ලබා දෙන්නේ රට තුළ  හදිසි නීතිය බලගැන්වීමේන් අනතුරුවය.  යුද හමුදාව මේ තත්ත්වය සම්බන්ධව දීර්ඝ නිවේදයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරේ

(මාධ්‍ය නිවේදනය)

ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් දිවිහිමියෙන් කැපවී සිටිති. නිදහස ලැබීමෙන් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවේ ස්ථාපිත ජනරජයේ ජනතා පරමාධිපත්‍යය රකිමින් ඔවුන්ගේ නිදහස් භාෂනය සහ සංචරණය සහතික කරමින් ආරක්‍ෂක හමුදාවෝ සිය රාජකාරිවල නිරත අතර මෙම වසරේ මැයි මාසයෙන් ඇරඹුණු මහජන විරෝධතා සියල්ලේදී ආරක්‍ෂක අංශවල එම විනයානුකූල හික්මීම ඉතා පැහැදිලිව විද්‍යාමාන වූ බව සියලු ශ්‍රී ලාංකිකයන්ට රහසක් නොවේ.

ජුලි මස 9 දින, කොළඹ කොටුවේ සිදු වූ ජනතා විරෝධය ඇතුලු පසුගිය කාලසීමාව තුළදී පැවති විරෝධතා අතරතුරදී ආරක්‍ෂක හමුදාවන් හා විරෝධතාකරුවන් අතර සුළු ආවේගශීලී සිදුවීම් කිහිපයක් හැරුණුකොට සැලකිය යුතු මට්ටමේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීම් හෝ දරුණු හිංසාකාරී ක්‍රියාවන් කිසිවක් සිදුනොවූ අතර එම කාලසීමාව තුලදී යම් උණුසුම් නොසන්සුන්තාවයන් දෙපාර්ශවය තුළ ඇති විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී විරෝධතාකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ඉල්ලා සිටියේ සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්‍ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විසඳාගන්නා ලෙසත්ය.      

පසුගිය පැය 72 ක කාලය තුළ වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමා, කථානායකතුමා සහ දේශපාලන පක්‍ෂ නායකයින් සමඟ පැවති රැස්වීම්වලදී ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටි අතර සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී මහජන දේපළට හානි සිදුනොකරන තාක්කල් පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළයුතු බවට එකඟත්වය පළකෙරිණි.

කෙසේ වුවද, දෙන ලද ප්‍රතිඥාවලට පටහැනිව සාමකාමි විරෝධතාකරුවන් ප්‍රකාශයට පත්කර ඇති ‘අවිහිංසා’ ප්‍රවේශයෙන් ඉවත්ව අවාසනාවන්ත ලෙස එම විරෝධතාකරුවන්ගෙන් යම් පිරිසක් බදාදා (13) දින මධ්‍යහන වනවිට නීතිය හා සාමය බිඳදමමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කථානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් සිය ග්‍රහණයට ගැනීමට උත්සහ කරනු ලැබුවේ බර යන්ත්‍ර යොදාගනිමින් පොලිස් මාර්ග බාධක ආදිය කඩාදමමින් රටෙහි මහජන පරමාධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව පැවරී ඇති ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ක්‍රියාත්මක කළහැකි එකම ආයතනය වන පාර්ලිමේන්තු සංකීර්ණය ඔවුන් අතට ගැනීමේ පරමාර්ථයෙනි.         

යුද්ධ හමුදා සාමාජිකයන් බදාදා (13) දින සන්ධ්‍යා කාලය වන විටත් විරෝධතාකරුවන්ගෙන් සන්සුන්බව සඳහා නොකඩවා කරනු ලැබූ ඉල්ලීම්වලට කිසිදු අවනතභාවයක් නොදක්වා එම විරෝධතාකරුවන් ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලුවීමට වෙරදැරූ අතර ඔවුනත තිබූ යකඩ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදුන් අතර භටපිරිස් අත තිබූ ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් එහි පතරොම් ගැබ් සමඟ උදුරාගනු ලැබුවේ ම්ලේච්ඡ ලෙස හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින්ය. මේ වනවිට ඉතා දරුණු ලෙස තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සහ අනෙකුත් භටපිරිස් හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. මෙම අවි දෙක රැගෙන පලාගිය විරෝධතාකරුවන් හා එම අවි අස්ථානගත වීම පිළිබඳව පොලිසිය ද මේ වනවිටත් දැනුවත් කර ඇත.

අවම බලය භාවිතා කරමින් හමුදා සාමාජිකයින් පෙරලා අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පොලිසියට සහ භටපිරිස්වලට හිංසාව මුදාහරින ලෙසට උසිගැන්වූ ප්‍රචණ්ඩකාරීන් කිහිපදෙනෙකු ද මේ අතර පොලිස් භාරයට ගෙන ඇත. කෙසේ වුවද, පාර්ලිමේන්තු සංකීර්ණයට කඩාවැදීමට උත්සහ කළ එම ප්‍රචණ්ඩකාරි පිරිස් අවම බලය යොදා බදාදා (13) රාත්‍රී වනවිට ඔවුන් විසුරුවාහැර තත්ත්වය පාලනය කරගනු ලැබිණි.

ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කෙරේ. (නිමි)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්දිර අත්පත් කරගත් අරගලකරුවන්ට පොදු දේපල හා පුරවිද්‍යා ආඥාපනත යටතේ නඩු – රනිල් නියෝග කරයි….

Next Post

පලාගිය ජනපති සිංගප්පූරුවට ගොඩබසී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.