වැටුප් ප්‍රමාදය ඇතුළු කරුණු කීපයක් මුල් කරගෙන සී/ස ගුවන් තොටුපල සහ ගුවන්සේවා ( ශ්‍රී ලංකා) ( පුද්ගලික) සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අද (19) උදෑසන සිට රාජකාරිවලින් ඉවත් වී සිදුකරන මෙම විරෝධතාවය හේතුවෙන් ගුවන්තොටුපල ඇතැම් මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.







