තමන් විසින් නිකුත් කර ඇති රසායනාගාර වාර්තා ජාත්‍යාන්තරව පිළිගත් american standard for testing materials ප්‍රමිතියට අනුව සිදුකළ බවත් එම පරීක්ෂණාගාර වාර්තා සමාගම් විසින් පිළි ගැනීම හෝ නොගැනීම තමන්ට අදාල නැතිබවත් කී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය කළමණාකාර (පිරිපහදු) කේ.පී.කෝදාගොඩ රජය එය ඉහළින්ම පිළිගෙන තිබීම බෙහෙවින්ම ප්‍රමාණවත් බව ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවේ ලිට්රෝ ගෑස් සමාගම විසින් මෙම වාර්තා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමක දී ය.
ලීට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ කමලනාථ වික්‍රමසිංහ මාධ්‍ය ඉදිරියේ අද ප්‍රකාශ කළේ මේ වනවිට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙන් ලීටර 12.5 ගෑස් සිලින්ඩරයේ ගෑස් සංයුතිය පිළිබඳව නිකුත් කර ඇති රසායනාගාර වාර්තාව සහ තමන්ගේ රසායනාගාර වාර්තාවල වෙනසක් ඇති බවය.
ලෝකයේ ප්‍රතීතන අනුමැතිය සහිත රසායනාගාරයකින් තම වාර්තාව ලබාගෙන ඇති බව කී සමාගම ලංකාවේ ඇති රසායනාගාර එකක්ට හෝ ප්‍රතීතන අනුමැතියක් රහිත බැවින් එම වාර්තා පිළිගත නොහැකි බව කීවේය.
එබැවින් දෙපාර්ශයටම එකඟ විය හැකි විදේශ රටක රසායානගාරයකින් පරීක්ෂණයක් කරන ලෙස තමන් යෝජනා කරන බවත් ලිට්රෝ ගෑස් සමාගම කීවේය.