අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාද විවාද ගැටලු රැසක් මැද දළදා පෙරහර සැරසූ තරුණ නර්තන ශිල්පියාගේ කොවිඩ් සිරුර මහයියාවේ ආදාහනය කරයි.

by editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Dalada
Share on FacebookShare on Twitter

මහනුවර ජාතික රෝහලෙන් මතුගමට ගෙන යාම සඳහා ඉල්ලා තිබූ වයස අවුරුදු දහනවයක් වන කොවිඩ් ආසාදිත තරුණ නර්තන ශිල්පියාගේ මළ සිරුර මහනුවර මහයියාව ආදාහනාගාරයේ දී අද පස්වරු දෙකට ආදාහනය කරනු ලැබීය.

මෙම මළ සිරුර ආදාහනය කිරිමට කටයුතු යොදා තිබුණේ ඉකුත් හත්වැනිදාය.

මරණ පරික්ෂණය සඳහා මතුගමසිට පැමිණ සිටි ඥාතින් මළ සිරුර මතුගම ට ගෙනගොස් එහිදි ආදාහනයක කිරිමට අවශ්‍ය බව කියමින් රෝහලෙන් ඊට කටයුතු කර දෙන ලෙස ඉල්ලා තිබිණි. කොවිඩ් නිරෝධායන නීති රීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් සහ දේශපාලකයින්  පසුගිය  7දා  මතුගමට දේහය ගෙන යාම සඳහා  පුද්ගලික මල්ශාලාවකට භාරදිමට  රෝහල් අධ්‍යක්ෂවරයා  අවසර දි  තිබිණි. කටයුතු එසේ සිදු වුයේ දේශපාලඥයකුගේ සහ නිළමේවරයකුගේ බලපෑම මත බවට රාවයක්ද පැතිර තිබිණි.

මලසිරුර ගෙන යෑම සඳහා සියල්ල සූදානම් කර තිබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ඉදිරියේදි මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල මරණයට පත්වන පිටපලාත්වල කොවිඩ් ආසාදිත මලසිරුරු ඒ ඒ පදිංචි ප්‍රදේශවලට ගෙන ගොස් ආදාහනය කිරිමට අවසර ඉල්ලුවහොත් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවන බවට සෞඛ්‍ය බලධාරින් සහ සෞඛ්‍ය සේවකයින් ඇති කල ප්‍රශ්න කිරිම්  අර්බුදයක් ඇති කළේය.

මෙම ගැටලුවට  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පනාපිටිය මහතා ට ද මැදිහත් වීමට සිදුව තිබිණි.  කොවිඩ් නිරෝධායන නීති රීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ් ආසාදිත මළසිරුරක් ආදාහනය කළ හැක්කේ රෝහල ආසන්නයේ පවතින ආදාහනාගාරයක පමණක් බවටත් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා හෝ පැමිණ දේහය භාර නොගත හොත් කිසිදු විටෙකත් කොවිඩ් ආසාදිත දේහයක් ඥාතින්ට භාරදිය නොහැකි බව හෙතෙම කියා තිබිණි.

එම කරුණු සියල්ල හමුවේ එදින මැණික්හින්න පිහිටි කොළඹ මල් ශාලාව හරහා මළසිරුර මතුගමට ගෙන යාමට සියල්ල සූදානම් කර තිබියදි නතර කෙරිණි.

මෙලෙස ආදාහනය කරනු ලැබූයේ , දළදා පෙරහරේ පත්තිනි දේවාලයේ පන්තේරු නර්තන කණ්ඩායමේ සිටි නර්තන ශිල්පියාගේ දේහයය.

මෙම තරුණයා ඉකුත් දහහත් වැනි දින  රාත්‍රියේ පැරණි ධර්මරාජ ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටී බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේ ඉකුත් තුන් වැනිදාය.

එදින සිට මේ දක්වා දින හයක් මළ සිරුර රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැරාලිම්පික් වීරයා දිනේෂ් ප්‍රියන්තට අගමැතිගෙන් නව නිවසක්….

Next Post

තවත් කොවිඩ් මරණ 131 වාර්තා වෙයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.