මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජකයන්ගෙන් සියයට තිහකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර තබේ.
මේ පිළිබඳව තව ස්වල්ප වේලාකින් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට ද එම සමාගම සූදානම් වේ.
රටේ පවතින ඩොලර් හිඟය උග්‍ර අර්බුදයක් තෙක් වර්ධනය වී ඇති නිසා ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීම මේ තීන්දුවට එළඹීමට ප්‍රධාන හේතුව බව සමාගම් ආරංචි මාර්ග තහවුරු කරයි.
තමන් පසුගිය වකවානුව පුරාම ගෑස් ආනයනය කරමින් වෙළඳාම පවත්වාගෙන ගියේ පාඩු ලබමින් බවත්, තවදුරටත් එය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට නොහැකි බවත් සමාගම දන්වා සිටී.







