අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර එපාවෙන තරමට ජරාව කෑ OIC පොලිස් ගුඩ්ඩා ධූරයෙන් පහ කර සාමාන්‍ය රාජකාරියට…

by editor
මාර්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිය පුද්ගලික වාහනයට ඉන්ධන පිරවුම්හල්වලින් බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගැනීම, ප්‍රදේශයේ තරු හෝටල්වලින් නොමිලේ ආහාර පාන ගෙන්වා ගැනීම, ප්‍රදේශයේ මත්පැන් අලෙවිහල්වලින් සුපිරි මත්පැන් බෝතල් බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම සිදුකරමින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට බරපතල ගැටලු ඇතිකරමින් සිටි කොළඹට නුදුරු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පොලිස් ස්ථානයක ස්ථානාධිපතිකම කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

මෙම පොලිස් නිලධාරියා මෙම පොලිස් ස්ථානාධිපති ධූරය ලබාගෙන ඇත්තේ ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා වී සිටිය දී සැමියා නැති කාන්තාවකගේ නිවසට රිංගන්නට ගොස් ගම්වැසියන් විසින් ගස් බැඳ පහර දී පොලිසියටම භාර දීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක්වී සිටිය දී බව වාර්තා වේ.

උක්ත පොලිස් නිලධාරියාගේ සොයුරෙක් හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙක් වීම හේතුවෙන් එම දේශපාලන බලය යොදාගෙන කලින් ඔහුට එල්ල වී තිබුණු චෝදනා සම්බන්ධව චෝදනා පත්‍රත් ඉවත් කරගෙන යළි ප්‍රධාන පාලිසියක පොලිස් ස්ථානාධිපති ධූරයකට පත් කරගෙන ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම නිලධාරියා එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධූරය භාරගත් දා සිට සිය නිල බලය පාවිච්චි කරමින් සිදුකළ අවකල් ක්‍රියා ඉවසා ගැනීමට නොහැකි වූ තැන ඒ සම්බන්ධව ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරතන්ගේ නියෝගය මත මෙම තැනැත්තා සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරතිබිණි.

හිස් අතින් පැමිණි මේ තැනැත්තා පොලිස් ස්ථානාධිපති ධූරයෙන් ඉවත් වී යන විට ලොරි ගණනක බඩු රැගෙන ගිය බව අදාල පොලිස් ස්ථානයේ පොලිස් පොඩ්ඩෝ ලංකාසර කළ විමසීමක දී පැවසූහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේ වෙතත් නව පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙක් වෙත පොලිස් ස්ථානාධිපති රාජකාරි පවරමින්, වත්ත පොලිසියේ හිටපු ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.අයි රාජපක්ෂ පොලිස් ස්ථානාධිපති ධූරයෙන් පහ කර ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය පොලිස් රාජකාරියේ යොදවමින් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නගේ අත්සනින් යුතුව විශේෂ නියෝගයක් පෙරේදා (02) නිකුත් වී තිබිණි.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.කේ.හෙරත් අම්පාර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ලෙසත්, අනුරාධපරු කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලියු.එම්.ඩබ්ලියු.බී විජේකෝන් පුල්මුඩේ පොලිස් ස්ථානාධිපති ලෙසත්, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අබේසිංහ ඇතිමලේ පොලිස් ස්ථානාධිපති ලෙසත්, රත්නපුර පොලිස් කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.යූ.ආර්.ජයතිස්ස සමනලවැව පොලිස් ස්ථානාධිපති ලෙසත්, කුරුණෑගල කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී.එම්.එච්.අයි දැල්කඳුර බෝගමුව පොලිස් ස්ථානාධිපති ලෙසත්, නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.එස්.බී ධර්මරත්න තලමලගම පොලිස් ස්ථානාධිපති ලෙසත්, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලියු.ඒ.ඩී.සී රොහාන් මිද්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙසත්, ගම්පහ කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.හේරත් වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති ලෙසත්, පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්.සී හිරියාදෙණිය දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ලෙසත්, මඩකලපුව පොලිස් කොට්ඨාසයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්.ජෙට් කටුනායක පොලිස් ස්ථානාධිපති ලෙසත් මෙසේ පත් කර තිබේ.

නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කළ පොලිස් ස්ථානවල මෙතෙක් සේවය කර තිබුණේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරුන්ය. කටුනායක පොලිසියෙන් බූරුමූණා පැන ගිය පසු එහි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනමකට ලක්වීම නිසා ඔහු වෙනුවට නව පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කර තිබිණි.

මෙම ස්ථාන මාරු පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්වන පරිදි හදිසි සේවා අවශ්‍යතා මත පදනම් පොලිස්පති ඩී.සී.වික්‍රමසිංහ විසින් සිදුකර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විභාගය අවසන් වී සති 02ක්..  උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු කොට උඩ…  

Next Post

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියල්ලන් යටත්…” මැතිවරණයට අදාල රඳවාගත් මුදල නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.