විදේශ ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වූ බවත් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගැටලුවලට පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය පවසයි.
එහි යම් වංචාවක් සිදුව ඇතිනම් අදාළ විමර්ශන සඳහා අමත්‍යාංශය සම්පූර්ණ සහය ලබා දෙන බවත් එම අමාත්‍යාංශය කියයි.
මේ වනවිට විදේශ ශ්‍රමිකයන් වෙත ලබා දුන් ආනයන බලපතු උපයෝගි කරගෙන සිදුව ඇති වංචාවක් පිළිබඳව පළ වු පුවතට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශය පවසන්නේ වාහන ආනයනකරුවන් අතර ඇතිවි තිබෙන ව්‍යාපාරික අවශ්‍යතා මත ඇති වූ ගැටලු සඳහා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු මැදිහත්වීම කණගාටුවට පත්විය යුතු තත්වයක් බවයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරන්නේ පූර්ණ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවන විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනය සදහා ආයනයන බලපත්‍ර ලබාදීම සහිත දිරිදීම් මගින් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ සියයට 75කින් පමණ ඉහළ දමාගැනීමට හැකිවුන බවය.
මේ වසරේ මුල් මාස නමයේදී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි.
මේ ආකාරයට නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආයනය බලපත්‍ර 318 නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිස් අටක මුදලක් මෙරටට ලැබී ඇති අයුරු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙසේ නිකුත් කරනු ලබන වාහන ආයනය බලපත්‍රය තීරු බදු රහිත බලපත්‍රයක් නොවන අතර එය රටේ විදේශ විනිමය අවශ්‍යතාවයක් පවතින අවස්ථාවකදී, විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් බව අමාත්‍යාංශය කියයි.
මෙම වාහන ආයනය කරනු ලබන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදුවන අතර එය රාජ්‍ය ආදායමට එක්වන බවද අමාතයංශය පවසයි.







