බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

ඉන්ධන නැති රටේ ලෝකයට ආඩම්බරයෙන් පෙන්නිය හැකි ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් රථයේ නිර්මාතෘ ඔහුයි....

by editor
ජූලි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අප ඉන්නේ අඳෝනා කියමිනි. දෙස් දෙවොල් තියමිනි. දැන් අප වැළලෙන්නට හිත හදාගෙන ඉවරය. එහෙත් කුඩුවෙන්නට ගිය මිනිස් සමාජ ගොඩ ආවේ බිත්තියටම හේත්තු වූ පසු බව ඉතිහාසය අපට කියන්නේය. අපේ රටේ ඉතිහාසයත් එසේය. සියලුම ආතල් දිදී  රැගෙන ආ කුසීත සමාජයක් කුඩු වී යනවිට ඒ වේදනාව අලුත් ලෝකයක් සඳහා අලෝක පුංජ දල්වන්නේය. මේ එසේ දැල්වුණු පුංචි එළිපොදක් අපේ අඳුරු සමාජයම එළි කර ඇති අන්දමය. 

ඉන්ධන නැති රටක් ගැන අප කවදාවත් කල්පනා කළේ නැත. එහෙත් දැන් රටේ ඉන්ධන නැත. තව ටික දිනකින් පාරේ යන වාහන නවත්වා ඉන්ධන කොල්ලකෑවත් අරුමයක් නොවේ. ඉන්ධන පෝලිමි කිලෝ මීටර ගණන් දිවෙන විට ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි අන්තර්ජාතික මට්ටමට ඔසවා තැබිය හැකි විදුලි ත්‍රීවිලයක් හැදූ තරුණයෙක් ගැන වාර්තා විය. පැයක් බැටරිය ආරෝපණය කිරීමෙන් කිලෝමීටර 250ක් ධාවනය කළ හැකි මේ අපූරු වාහනය පහසුවෙන් මගීන් පස් දෙනෙකුට ගමන් කළ හැකි සේ සැලසුම් කර තිබිණි. රියදුරුත් සමග හයකි.

නිමාව කදිමය. වචනාර්ථයෙන්ම කදිමය.  වාහනය නිපදවා තිබුණේ    වත්තල නායක කන්දේ පදිංචි තිස් පස් හැවිරිදි තරුණයෙකි. ඔහු  දුෂාන් එදිරිසිංහය.

අපි දුෂාන් සමග කතා කළෙමු. මෙතැන් සිට ඔහුගේ කතාව ඔහුගේ වචනයෙන්ම ලියා තබමු. ඔබ මේ කතාව බැලිය යුතුය. අප ජීවත් වන්නේ අහවල් රටකදැයි අපට වටහා ගැනීමට ඔහුගේ කතාව හොඳටම ප්‍රමාණවත්ය. අපෙ අපේ මානව සම්පත තුට්ටුවට දමා විනාශ කර ඇති ආකාරයත් ඉන් ජාතියට සිදුවුන අගතියත් ලෝකයෙන් යැපෙන හිඟන්නන් වී අද ගෙවමින් සිටින  නින්දාසහගත ජීවිතයත් පිලිබඳ යථාර්ථය ඒ කතාවේ ගැබ් වී ඇති බැවිනි.

දුෂාන් එදිරිසිංහ

ආධුනිකත්ව මණ්ඩලයට වැද්ද නොගත්තු කොල්ලා මොරටුව විශ්ව විද්‍යාලයට… 

”මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පමණයි පාසල් ජීවිතයේදී මුහුන දීලා තියෙන්නේ.  නමුත් මං සාමාන්‍ය පෙළ දක්වා පුංචි කාලෙ ඉඳලම විවිධ නිර්මාණ කරලා තියෙනවා… ඒත් ඒවා අගය කරන්න කවුරුත් හිටියේ නෑ..“

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“ මට විවිධ නිර්මාණ කරන්න පුළුවන් නිසා මම හිතුවා ජාතික ආධුනිකත්ව මණ්ඩලයට ඇතුළු වෙලා මගේ දක්ෂතා වැඩිදියුණු කරගන්න. නමුත් ම අධ්‍යාපනය හදාරලා නැහැයි කියලා සුදුසුකම් මදි කියලා මාව එතැනින් එළියට වැටුණා.
ඉන්පස්සෙ පල්ලියෙන් මට උදව් කළා.  දරුවන්ගේ වටිනාකම හඳුනගෙන දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ දරුවෝ ඉදිරියට ගෙනියන විශාල කාර්මික ආයතනයක්  පල්ලිය හරහා පවත්වාගෙන ගියා.  එය හදුන්වන්නෙ දොන් බොස්කෝ කියලා.
එතනදි මගේ ජීවිතයට ලොකු ආලෝකයක් වැටුණා.“

“එහෙ ඉගෙන ගන්නා ගමන්  මම බොහෝ දේ හදන්න පුරුදු වුණා. වෑල්ඩින් වැඩ ඉලෙක්ට්‍රික  වැඩ ඔටෝ මෝබයිල් වැඩ ඇතුළු සියලුම කාර්මික වැඩ මම එහිදී ගෙන ගත්තත් එතන අවුරුදු තුනහමාරක නේවාසික පුහුණුවක් තිබුණේ.  ඩිප්ලෝමා සිට උපාධිය දක්වා ඉගෙන ගන්න  අවස්ථාව සලසලා දීලා තිබ්බ.  අවසානයේ මම මොරටුව කැම්පස් එකට තේරුණා විවිධ ඉදිකිරීම් සම්බන්ධ පර්යේෂණ නිබන්ධනයක් කිරීමට.

ජාතික ආධුනිකත්ව මණ්ඩලයට ඇතුළත් වුණා. ඩොක් යාර්ඩ් එකේ   අවුරුදු හතරහමාරක් වැඩ කර එතන කණ්ඩායමේ නායකත්වය ගන්න මට හැකි වුණා.

මේ කාලේ මම මොරටුව විශ්ව විද්‍යාලයේ සමඟත් කටයුතු කළා.  එල්ටීටීඊ යුද සමයේ නේවි එකට ප්‍රහාරක ඇලුමිනියම් බෝට්ටු හදන්න ලංකාවේ හොඳම පුහුණුව ලබපු කණ්ඩායම හොයල යැව්වෙත් මේ කාලේ. මම ඒ වැඩ වලට සම්බන්ධ වුනා.  එතැන ඉඳලා නැවක පහළ තට්ටුවේ ඉඳල ඉහළ තට්ටුව දක්වා සම්පූර්ණයෙන් ඉදිකිරිමේ කටයුතු මම ඉගෙනගත්තා. මේ වගේ පසුබිමක ඉඳලා තමයි මම ඉන්ධන නැති ව ත්‍රීවීල් එක නිපද වූයේ..

පොඩිකාලෙ සිට දැකපු හීනය.

මේක මගේ පොඩි කාලේ ඉඳලා හීනයක්. ඒ හීනෙ හැබෑ කරගන්න මට ළඟින්ම ඉඳලා උපරිමයෙන් උදව් කලේ මගේ තාත්තා. තාත්තා වැඩ කරන්නේ CTB එකේ. මගේ අයියට තරමක් අසනීප යි. අම්මා ගුරු වෘත්තියේ ඉඳලා අයියා නිසා රස්සාවෙන් අයින්වෙලා ගෙදර නැවතුනා. අම්මත් මට ලොකු සහයක් ලබා දුන්නා.

මගෙ ස්කෝලේ යාළුවා මධුරංග තමයි සෙවනැල්ල වගේ මගේ පිටිපස්සෙන් ඉන්නේ. මුදල් පැත්තක උදව් කරන්නේ නුවන්.
ඒ හැරුණාම වියදම් කරන්න මං වෙනුවෙන් කැප උනේ ෆාදර් ජූඩ් නිකලස්  සහ වාසනා එකේ සංජීව මහත්තයා.
මේ හැමෝගෙම දායකත්වයෙන් ත්‍රිවිල් එක නිපදවලා දැන් ධාවනය කරන්නට හැකි තත්වයේ තිබෙනවා.

විදුලි ත්‍රී රෝද රථය

තවම මෙය රජයේ කිසිදු අයෙකුට ඉදිරිපත් කළේ නැහැ. ඒ සඳහා සූදානම් වන විට තමයි මේ පිළිබඳව නොහිතපු විදිහට ප්‍රසිද්ධියක් ලැබුණේ.  ඇත්තෙන්ම මෙය සෑම පුද්ගලයෙකුටම අතිශය වැදගත් සහ පහසු වාහනයක්. මෙයට පෙර මම මෙවැනිම කාර් එකක් නිපදවූවා. ඒ පුද්ගලික ආයතනයකින් මිලදී ගෙන මට ඔවුන් සමග වැඩ කරන්න කිව්වත් එක තැනක හිර වෙන්න කැමති නැති නිසා මම ඔවුන් සමග වැඩ කරන්න ගියේ නෑ.

ලෝකෙට ණය වෙන්න ඕන නෑ….

මේ ඩොලර් පස්සේ දුව දුව ලෝකෙට ණය වෙවී ඉන්න ඕනේ නෑ. ත්‍රිවිලරය පැයක් චාජ් කරන කිලෝ මීටර් දෙසිය පනහක් දුවන්න පුළුවන්. ඒ වගේම මම  ඉලෙක්ට්‍රික් බස් එකක් සැලසුම් කරලා තියෙනවා. ජෙනරේටරයක්,  ඉලෙක්ට්‍රික් ස්කූටරයක් වගේ බොහොමයක් නිපැයුම් මා ළඟ තියෙනවා. මේවා මට තියාගෙන ඉන්න කිසි උවමනාවක් නෑ.  රටටම හඳුන්වා දීලා රටේ මිනිස්සු මේවයෙන් ප්‍රයෝජනය ගන්න මොහොතක් දකින්න තමයි මගේ එකම ආසාව….,’,

මම ඒ ඒ කාලෙට උචිත හුගක් දේවල් නිපදවූවා.. කොවිඩ්  වසංගත කාලේ වකුගඩු රෝගීන් සඳහා මාස්ක් එකක් හැදුවා. සියයට අනූඅටක් ඖෂධීය ගුණ සහිත මුහුණු ආවරණයක් නිෂ්පාදනය කළා. ඒ එකකටවත් කිසිවෙක් ගෙන් අනුග්‍රහයක් ලැබුණු නෑ.

“මගේ හැකියාවන් මේ රටට වැඩක් ගන්න. ලෝකෙට ණය නොවී ඉන්න අපට පුළුවන්. ඒවට සැලසුම් රැසක් මා ළඟ තියෙනවා… මා වැනි අය කොතෙකුත් ඇති. අපේ  දැනුම ප්‍රයෝජනයට අරගෙන   වැටෙන රට ගොඩ ගන්න කවුරුන් හෝ මුල් වෙන්න කියලා මා ඉල්ලා සිටිනවා….“

ඔහුගේ විශිෂ්ට නිර්මාණය ගැන අන්තර්ජාලයේ මෙම වීඩියෝව පල වී තිබිණි…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

Next Post

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.