සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 03ක් ප්‍රමාද වූ කොළඹ කොටුව – කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතාවට විවෘත වේ!

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යා කරන”බාලදක්ෂ මාවත”  නව ගුවන් පාලම අද (19) පෙරවරුවේ විවෘත කෙරිනි.

මහාමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් දියත් කළ මෙම ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් බිලියන 3.1 කි.

කොම්පඤ්ඤවීදය දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් ඇතිවන අධික රථ වාහන තද බදය අවම කිරීමේ අභිලාෂයෙන් මෙම ගුවන් පාලම සැලසුම් වන්නේ වර්ෂ 2018 -2019 කාලයේ දීය.  කොළඹ ගුවන් පාලම් තුනක් එම වකවානුවේ සැලසුම් කර තිබිණි. ඉන් දෙකක වැඩ කටයුතු නිම වූ අතර මෙම ගුවන් පාලමේ කටයුතු නිම කිරීමට නියමිතව තිබුණේ 2022 වසරේදී ය.

එහෙත් පැවති ආර්ථථික අර්බුදය හේතුවෙන් එහි කටයුතු ඇනහිටියේය. වසර 03කට පසු අද විවෘතවන මෙම ගුවන් පාලම ඔස්සේ ගමන් කළ හැක්කේ ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණි.  ගුවන් පාලම මං තීරු 02කින් යුක්තය. මීටර 320ක් දිග මෙම ගුවන් පාලම  පළල මීටර 11කි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ කොළඹ නරගාධිපති ව්‍රායි කැලී බල්තසාර් ප්‍රධානත්වයෙන් අද මෙම ගුවන් පාලම විවෘත කෙරිනි.

රට තුළ පැවති අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් පාලමේ කටයුතු නිමා වීම  වසර තුනක් ප්‍රමාද වී ඇති බවත් ඒ වෙනුවෙන් අමතරව රුපියල් බිලියනක් ගෙවීමට සිදුවූ බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද පැවසුවේය.

“ මේ ස්ථානය දැඩි මාර්ග තදබදයක් තිබුණු තැනක්. එම මාර්ග තදබදයට පිළියම් ලෙස 2018 -19 වකවානුවේ දි යෝජනා කරලා තියනවා ගුවන් පාලම් 03ක් ඉදි කරන්න. ඒ ගුවන් පාලම් තුනෙන් දෙකක් හදලා ඉවර කරලා තිබුණා. නමුත් මේ ගුවන් පාම 2022 දි හදලා අවසන් කරන්න තිබුණු ගුවන් පාලමක්. නමුත් විවිධ හේතු නිසා මේ ගුවන් පාලම හදන්න විශාල කාලයක් ප්‍රමාද වුනා.  ඒ නිසා ප්‍රමාද ගාස්තු ඇතුළු ප්‍රමාද ගෙවීම් මිලියන 1000ක් වැඩි වෙලා තිබුණා නීත්‍යානුකූළ ගෙවන්න ඕන ගාස්තුත් එක්ක.”

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“ අපි ජනතාවට තේරුම් කරලා දෙන්න ඕන රට බංකොලොත්  කරලා සිදුකළ ආරථික අපරාධවල ප්‍රතිවිපාක දිගටම එනවා. ඒ අභියෝග මැඩගෙන වැඩ කරන්න පුලුවන් වීම ගැන අපි සතුටු වෙනවා. “ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තාත්තගේ කාර් එකේ   “පොලිස්”  නම ගහගෙන කතරගම නගරයේ කරක් ගැසූ  පුතෙක් අත් අඩංගුවට…

Next Post

කොරියානු රැකියා සිද්ධියට අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මනුෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කරගනී!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.