ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග සහිතව රඳවාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීමේ නියෝගය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජික හෂාන් ජීවන්ත ගුණතිලක ත්රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමෙන් පසු මේ වනවිට තංගල්ල රැඳවුම් කඳවුරේ රඳවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.
පොලිසිය ඔවුන් ත්රස්තවාදීන් ලෙස නිර්වචනය කිරීමට අදාල විශාල චෝදනා පත්‍රයක් සකස්කර මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.