මහනුවර කොවිඩ්-19 රෝගීන්ගේ යළි සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබේ.
මහනුවර ජාතික රෝහලේ පමණක් මේ වන විට ආසාදිතයින් 79 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
මතුව ඇති තත්ත්වය තුළ මීට පෙර ක්‍රියාත්මක වූ covid රෝගීන් සඳහා විශේෂිත රෝහල් 2ක් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.
මේ අනුව තෙල්දෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ තවත් රෝහලක් යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද දින සාකච්ඡා කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමත් සමඟ පාසල් හරහා කොවිඩ් රෝගය සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.