ඇමරිකවේ සිලිකන් නිම්නය සමඟ තරඟ කළ හැකි තාක්‍ෂණික කර්මාන්තයක් පෝෂණය කිරීම චීන රජය විසින් නවතම උපාය මාර්ගික තාක්ෂණික සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නංවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව චීනය පදනම් කරගත් Alibaba සහ Tencent Holdings වැනි මහා පරිමාණ ආයතන සඳහා අනුග්‍රහය දක්වනු වෙනුවට කුඩා සමාගම් විශාල සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමත් ඒවාට අනුග්‍රහය දැක්වීමත් සිදුවෙමින් පවතින බව බ්ලූම්බර්ග් වාර්තාවක දැක්වේ.
රටේ තාක්ෂණ කර්මාන්තය නැවත ස්ථානගත කිරීම සඳහා වන චීන කොමියුනිස්ට් පක්ෂයේ අභිලාෂය මත පරිපථ සහ ව්‍යවසාය මෘදුකාංග වැනි මූලෝපායික වශයෙන් වැදගත් තාක්ෂණයන් වෙත යොමුවීම පුලුල් කිරීම මෙහි මූලික සැලසුම බව ද පැවසේ.
කැලිෆෝනියාවේ දකුණු සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශයේ සිලිකන් නිම්නය Apple, Facebook සහ Google වැනි බොහෝ ගෝලීය තාක්‍ෂණ සමාගම්වල නිවහන වන අතර මේවා සමග තරග කළ හැකි මට්ටමට චීනයේ කුඩා සමාගම් “පුංචි යෝධයන්” ලෙස හදුන්වා දී වර්ධනය කිරීම මේ යටතේ සිදුවේ.