දිනසේන රතුගමගේ
වවුනියාව මාමඩුව පාරේ පිහිටුවා ඇති සූර්ය බල විදුලි උත්පාදන බලාගාරයක් 6 දා රාත්‍රියේ හදීස්යේම ගිනි ගෙන තිබේ.
මෙම ගින්න නිසා අළුතින් සවිකිරීම සදහා රැගෙන එන ලද සූර්ය පැනල විශාල සංඛ්‍යාවක් හා සවිකොට විදුලි බලය ලබා දෙමින් තිබූ සූර්ය පැනල රාශියක්ම ගින්නෙන් විනාශ වී ගොස් තිබේ.
වවුනියාව නගර සභාවේ ගිණි නිවන ඒකකයේ පිරිස් පැමිණ වහාම ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ගින්න නිවා දමන විට සූර්ය බල විදුලි උත්පාදන මධ්‍යස්ථනයේ සුර්ය පැනල හා උපකරණ රාශියකට හානි සිදුව තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







