සුමිත් පොතුපිටිය –
වල්ලා පට්ටා කිලෝ 45 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටී විශ්‍රාමික බැංකු නිළධාරීයෙකු අද (01) අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
එම ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනිත කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායම කළුතර උතුර කැලිඩෝ වෙරළ තීරයට හැරෙන හන්දියේ දී මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සගවා තිබූ වල්ලාපට්ට දැව කොටස් කිලෝ 45 ක් සොයාගෙන මෝටර් රථයද භාරයට ගත්බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි