ප්‍රාදේශීය රෝහල්වල ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැතිව බරපතල අර්බුදයකට ලක් වී ඇති පසුබිමක හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලයට වඩා දෙගුණයකට වැඩි පිරිසක් කලක පටන් සේවයේ කරන බවත්, ඔවුන් අතිකාල පවා ගන්නා බවත් තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරුවලින් හෙළි වී ඇත.
හරතලියැද්ද ප්‍රාදේශීය රෝහල සඳහා අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් නමුත් වනවිට එහි ප්‍රධාන හෙද සොහොරිය ඇතුළු හෙද නිලධාරීන් 10 දෙනෙකු සේවය කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
මේ තත්ත්වය වාර්තා වන්නේ මිණිපේ කොට්ඨාසයේ අඹගහපැලස්ස, බටුමුල්ල ප්‍රාදේශීය රෝහල් වල මේ වනවිට කිසිදු හෙද නිලධාරිනියක් නොමැති පසුබිමක වීම විශේෂත්වයකි.
පසුගිය කොවිඩ් සමයේ ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සානුකම්පිත ඉල්ලීම් සලකා බලා හෙද නිලධාරීන් ගණනාවකට ළඟම රෝහල වෙත තාවකාලික අනුයුක්තයක් ලබා දී තිබුණත් හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට එලෙස අනුයුක්තිය යටතේ එක් කළ හෙද නිලධාරීන් නැවත මාරු වී නොගොස් සේවය කරමින් අතිකාල පවා ලබා ගන්නා බව හෙළි වී ඇත.
තෙල්දෙණියේ සිට මෙම රෝහලට අනුයුක්තයක් යටතේ පැමිණ සිටි හෙද නිලධාරිනියක් පරිපාලනය දැනුවත් නොකර පසුගිය අප්‍රේල් මස සිංග්ප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් තිබිය දී ඇයට මාස තුනක කාලයක් වැටුප් ගෙවා තිබිණි. ඒ සම්බන්ධව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ රෝහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නියෝජ්‍ය අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂවරයෙකු ඇතුළු කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදුකළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසේකර පැවසීය.