ලංකා විදුලිබල මණ්ඩලයේ නව සමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ දෙවන අදියර අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු නමුත් සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට නිවැරදි වීම සඳහා යම් සාධාරණ කාලයක් ලබා දෙමින් එම පියවරට නොගිය බව එම සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත් ජයනාත් දයාරත්න පවසයි.
ඔහු ප්‍රකාශ කළේ මෙම පත් කිරීම 1969 අංක 17 දරණ විදුලිබල පණතේ 5වැනි වගන්තිය උල්ලංඝණය කර ඇති බවය.
“ගරු අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නඩු තීන්දුවෙ නියෝගය මෙම සභාපතිවරයා විසින් උල්ලංඝණය කරලා තියනවා කියලා නීතිපතිවරයා විසින් පෙන්වා දීලා තියනවා. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලයට සහ සභාපතිවරයාට කාලයක් දීලා තියනවා ඔවුන්ගේ වැරැද්ද නිවැරදි කරන්න.“
“අපි අද හිටියෙ අකුරට වැඩ කිරීමේ දෙවන අදියරට යන්න. නමුත් නීතිපති තුමාගෙ උපදෙස් ලැබීමත් සමග අපි තීරණය කළා අධ්‍යක්ෂ මණ්ඩලයට සාධාරණ කාලයක් දෙන්න ඔවුන්ගේ වැරැද්ද නිවැරදි කරන්න. “
“මොකද අකුරට වැඩ කිරීමේ දෙවන අදියරේ දි අපි සියලුම රාජකාරි වලින් අයින් වෙනවා. “