ටොයොටා සමාගම විසින් සිය ලෑන්ඩ් කෲසර් රථ ඇණුවුම් කළ ජපන් පාරිභෝගිකයින් හට ඒ සඳහා වසර හතරක කාලයක් බලා සිටීමට සිදුවෙන ඇති බවට පවසයි.
මේවන විට ජපානයට දැඩි බලපෑමක් සිදුකර ඇති කොරෝනා වසංගතය හේතුවෙන් සිය කර්මාන්තශාලා 11ක නිෂ්පාදන කටයුතු මන්දගාමී වී ඇති බවත් එම තත්ත්වය සිය සැපයුම්කරුවන්ටද බලපා ඇති බවත් ටොයොටා සමාගම සඳහන් කරයි.
“ලෑන්ඩ් කෲසර් යනු ජපානය තුළ පමණක් නොව ලොව පුරාම විශාල ඉල්ලුමක් පවතින අපගේ නිෂ්පාදනයක්. ඒ හේතුවෙන් ලෑන්ඩ් කෲසර් රථ නිසි වෙලාවට ලබාදීමට නොහැකි වීම ගැන අපි සමාව ඉල්ලා සිටින අතරම හැකි ඉක්මනින්ම නිෂ්පාදන ඔබ වෙත ලබාදීමට අපි උත්සහ කරනවා.” යනුවෙන් ටොයොටා සමාගම සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම නිෂ්පාදන ප්‍රමාදයට මේවන ගෝලීය වශයෙන් පවතින මොටර් රථ පරිපථ කොටස් වල හිඟය හේතුවක් නොවන බවද ටොයොටා සමාගම අවධාරණය කරයි.
ටොයොටා සමාගම විසින් 1951දී සිය ලෑන්ඩ් කෲසර් රථ නිෂ්පාදනය ආරම්භ කළ අතර ඉකුත් වසරේ අගෝස්තු මාසය වන විට රථ කෝටියකට වඩා වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබේ.







