කීර්ති ප්‍රනාන්දු –
ඉන්දියාවෙන් දෛනිකව බිත්තර මිලියනක් ගෙන්වීම සඳහා ඉන්දියානු කුකුළු ගොවිල අධීක්ෂණය කිරීම ඉන්දියාවට යවන නිලධාරීන් ඉන්දියාවට යෑමට පෙර වයඹ කුකුළු ගොවිපලවලට එවා දේශීය බිත්තර නිශ්පාදනය වර්ධනය වෙමින් ඇති ආකාරය නිරීක්ෂණය කරීමෙන් පසු ගත යුතු පියවරක් ගන්නා ලෙස වෙළෙඳ ඇමති, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඇතුළු සියලුම වගකිවයුත්තන් සිටි රැස්වීමක දී තමන් සංගමයක් ලෙස කළ ඉල්ලීම පයිසයකට මායිම් නොකළ බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ලංකාසරට පැවසීය.
ගැටලුව බිත්තර වෙළඳපලේ සුලභ කර මිල අඩු කිරීම නම් ඉන්දියාවට ගොස් කුකුළු ගොවිපල පරීක්ෂා කරනවාට වඩා පහසුවෙන් වයඹට පැමිණ මේ වනවිට දේශීයකර්මාන්තයක් ලෙස බිත්තර කර්මාන්තය දියුනු වෙමින් ඇති ආකාරයත් තව මාසයකට අඩු කාලයක දී දැනට වෙළෙඳපලේ ඇති බිත්තර ලක්ෂ 05 හිඟය නිසැකවම අඩුවන තරමට නිශ්පාදනය වැඩිවන ආකාරයත් ඇස් දෙකින් දැක තහවුරු කරගැනීමට තිබුණු බව සභාපතිවරයා කීවේය.
බිත්තර ලක්ෂ 05ක් අඩු තැනට දෛනිකව මිලියනක් ගෙන්වීමෙන් මි අඩු කර ඇති කරන තාවකාලික සතුට සමස්ථ දේශීය ව්‍යාපාරයක් බිඳ දමනු පමණක් නොව රටම දැවැන්ත අර්බුදයකට ඇද දමන බව පෙන්වා දුන්නේය.
ශ්‍රි ලාංකිකයෙක් ලෙස තමන්ට නොවැටහෙන කාරණා කීපයක් ඇතැයි සරත් රත්නායක පැවසුවේය.
- “ මේ වනවිට එක් බිත්තරයක් නිශ්පාදනය කරනකොට බිත්තරයකින් රුපියල් 06ක බද්දක් රජයට ගෙවනවා. ඒ ගෙවන්නේ කුකුල් කෑම, විටමින්, ඇතුළ අත්‍යාවශ්‍ය යෙදවම්වලට වක්‍රාකාරව අය කරන බද්දෙන්. මේ රුපියල් හයක බද්ද අඩු කරලා ඍජුවම බිත්තරයක මිල රුපියල් 06කින් අඩු කළ හැකියි. ඒත් ආණ්ඩුව එහෙම කළේ නෑ. ඔවුන් රුපියල් පනහක තිබ්බ බිත්තර ආනයන බද්ද රුපියල දක්වා අඩු කරලා රටේ තියන ඩොලර් ටික වියදම් කරලා බිත්තර ගේනවා. ඒ එකක්.”
- “ මේ වනවිට බිත්තර දෛනිකව අඩු වෙන්නේ ලක්ෂ 05ක ප්‍රමණයක්. සියයට තිහක් දක්වා පහළට ඇද වැටුණ බිත්තර කර්මාන්තය දැන් සියයට 90ක් දක්වා වර්ධනය වෙලා තියනවා. දිනපතා අලුතින් බිත්තර විසි පන්දහසක් පමණ වෙළෙඳපලට එකතු වෙනවා. තව මාසයක් යනකොට මේ බිත්තර ලක්ෂ 05ක අඩුව සම්පූර්ණ වෙනවා. ඒ වනවිට අනිවාර්යයෙන්ම පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර වෙළෙඳපට එනවා. මේ ගණනය යකිරීම සම්බන්ධව මොනතරම් කිව්වත් දෛනිකව බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගේන්න දැන් නිලධාරීන් ඉන්දියාවට ගිහින් තියනවා. ඒක තමයි දෙවැනි කරණය.”
- “ ඩොලර් එකේ මිල අඩුවුනා කියලා කිසිම යෙදවුමක මිල අඩු කරලා නෑ. 240ට තිබ්බ කෑම කිලෝවක් රුපියල් 20කින් අඩු කරනකොට බෙහෙත් වර්ගයක් රුපියල් 120කින් වැඩි කරලා තියනවා. එහෙම තියෙද්දි ඉන්දියාවෙන් බිත්තර ගේන්න වැය කරන ඩොලර් ටික දේශීය නිශ්පාදනය දිරිගන්වන්න වැය නොකර කුකුළු ගොවිපලවලට ලක්ෂ ගණන් දඩ ගසමින් කටයුතු කරනවා. මේක තමයි තුන්වැනි කාරණාව.”
- ඇත්තටම අද වෙළෙඳපලේ රුපියල් 44 සිට බිත්තර තියනවා. රුපියල් 50කට අඩුවෙන් බිත්තර ගන්න පුලුවන්. කිලෝ ගානට කිරලා ගන්න හැම තැනම බිත්තර තියනවා. ඒ කියන්නේ නිශ්පාදනයේ වර්ධනයක් තියනවා. අප ගණනය කරලා පෙන්වලා දීලා තියනවා ලබන මාසේ වනවිට පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර වෙළෙඳපලේ තියනවා කියලා. එහෙම තියෙද්දි මේ නිලධාරීන් වයඹට ඇවිත් දියුණුවන බිත්තර කර්මාන්තය දකින්නෙ නැතිව ඉන්දියාවෙ ගොවිපල බලන්න වෙළෙඳ ඇමති නිලධාරීන්ව ඉන්දියාවට යවනවා. මේ සම්බන්ධව අපට තවමත් නොතේරෙන, රටක් ලෙස මෙහෙම කරන්නේ කුමක් නිසාදැයි නොවැටහෙන නොවිසඳුන ගැටලුවක් තියනවා.”
සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේය.