අනුරාධපුර පර්සි කුරුනේරු –
නාරම්මල ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනා කිරීමට ගිය අසූ හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු තිසාවැවේ දිය නෑමට දියේ ගිලී අතුරුදහන්වී ඇත.
ඊයේ (07) සවස් කාලයේ මෙලෙස දිය නාමින් සිටියදී ඔහු මෙලෙස දියේ ගිලී අතුරුදහන්ව තිබේ
තිසාවැව හා බසවක්කුලම වැව් දෙකෙහි සේවය සදහා යොදවා සිටින පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් අතුරුදහන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් සිදු කළත් ඔහුගේ සිරුර හමුවී නොතිබිණි.
ඒ අනුව අද පෙරවරුවේ කිමිදුම් කණ්ඩායම් යොදවා අතුරුදහන්වූ පුද්ගලයාගේ සිරුර සෙවීමට අනුරාධපුර පොලිසිය පියවර ගෙන තිබේ.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ අංක 25,වෙරළගල වත්ත ,වෙරළගල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.ඊ.ඩී.ප්‍රැන්සිස් නැමති පුද්ගලයෙකි