රුපියල් 1700ක දෛනික වැටුපක් දක්වා වතු කම්කරු වැටුප් වැඩිකිරීම සම්බන්ධ අවසන් තීන්දුව ඔක්තොම්බර් 07 වැනිදා ලබා දෙන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න රටේ ප්‍රධාන වැවිලි සමාගම් 23ට දැනුම් දී තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී මෙම ප්‍රධාන වැවිලි සමාගම් සහ ඇමතිවරයා අතර ඇති වූ සාකච්චාවක දී මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.
දැනට පවතින රුපියල් 1350ක දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කළහොත් වැවිලි සමාගම්වෙත රුපියල් බිලියන 12ක මූල්‍ය අලාභයක් වන බව වැවිලි සමාගම් විසින් අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ මෙම වැටුප් වැඩිකිරීමේ අසීරුතාව පෙන්වා දෙමිනි.
එහෙත මේ වනවිට රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වතු කම්කරු වැටුප් වැඩිවීම ඉදිරිපත් වී ඇති බැවින් මෙම වැටුප් වැඩිවීම කළ යුතු බවත්, වැටුප් වැඩි නොකර වතු කම්කරුවන් සේවාව තුළ රඳවා ගත නොහැකි වුවහොත් මුළු කර්මාන්තයම කඩා වැටීමේ අවදානමකට මුහුණ දෙන බවත් ඇමතිවරයා විසින් පෙන්වා දී ඇත.
මීට වසර 20කට පෙර වතු කම්කරුවන් තුන් ලක්ෂයකට වඩා සේවයේ යෙදී සිටියත් මේ වනවිට සේවය කරන්නේ ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක් බව මේ සාකච්ඡාවේ දී අනාවරණය වී තිබේ.







