වත්තේගම මීගම්මන ප්‍රදේශයේ ළමා නිවාසයක ගැහුණු ළමුන් පස් දෙනෙකු පළා යෑමේ සිද්ධියට අදාළ ළමුන් තිදෙනෙක් ඊයේ වන විට සොයා ගැනීමට හැකිව තිබේ.
දවුලගල පොලිස් වසමේ ඥාති නිවසක රැඳී සිටී එක් ළමයෙක් ඊයෙ (08) අධිකරණය හමුවට පැමිණි වීමෙන් අනතුරුව ළමා නිවාසය වෙත බාරදී තිබේ.
පළා ගිය තවත් එක් ළමයෙකු නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඇය නාවලපිටිය පොලිසිය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.
අනෙක් ළමයා වත්තේගම පිහිටි සිය නිවස වෙත ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඇයද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සෙසු දරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ දිගින් දිගටම සිදුකරන බවත්
වත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර පවසයි.
මෙම ළමුන් අධ්‍යාපන කටයුතු සඳහා ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදී 06 දා දහවල් 11.00 ට පමණ පළා ගොස් තිබිණි.
ළමුන් අතුරුදන් වීම පිළිබඳව ඔවුන් පදිංචි ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබෙන අතර වත්තේගම මෙහෙයවීමෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත් වෙයි.