අද මෙරට දී අවසන් කටයුතු සිදුකරන, පකිස්ථානයේ සියල්කොට් හිදී පසුගියදා ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර තිබේ.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යවමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව තමන් පැහැදුණු බවයි.
සිද්ධිය වූ වහාම පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරය හෙළා දකිමින් ඝාතනයට සම්බන්ධ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට සහතික වෙමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පූජ්‍ය ඥානරතන හිමියෝ පැසසීය.
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝ කාලීන සුහද සහ මිත්‍රශීලී සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.