මීට ටික දිනකට පෙර විභාග වු අලි පැටවුන් 15ක් හා එක් අලි පැටියෙකු නිදහස් කිරීමට තිරණය කළ නඩුවලට ආදාළ විමර්ශනවල දී හිතා මතා වංචනිකව හෝ මොනයම් බලපෑමක් මත හෝ තමන්ට පැවරී තිබෙන බලතල නිසි ලෙස ක්‍රියාත්මක නොකළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයෝ පැමිණි කළහ.
ඒ ඊයේ (20) පොලීස් මුලස්ථානයේ දී ය.
ඒ යටතේ නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල හා එම ආයතනවලට ආදාළ ආමාත්‍යාංශවල මෙයට වගකිව යුතු නිලධාරින් ඉලක්ක කර ඇත.
මෙහිදී සිදු වී තිබෙන අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කොට වහාම එම නිලධාරීන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 112, 188, 189, 190 හා 289 යන වගන්ති ප්‍රකාරව හා පොදු දේපල පනත සේම වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පැමිණිල්ලෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.