අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයත් අවසර දීලා… භූමදාන කරන්න නොදී මේ කරන්නෙ අපෙන් පලි ගැනීමක්…

by editor
නොවැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මවුලවි මුනීර් මුලෆ  යනු මුස්ලිම් විද්වතෙකි.  ජමේතුල්ලා උලමා සංවිධානයේ සාමාජිකයෙකි.  ඉස්ලාම් අධ්‍යාපනය පිලිබද මධ්‍යස්තානයේ උපදේශකවරයෙකි. ඔහු කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ සම්බන්ධව අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ මේ මොහොත වන විට නිර්මාණය වී ඇති තත්වය මුස්ලිම් ජාතිකයෙක් විදිහට සමාලෝචනය කරන්නේය. චමුදිත සමරවික්‍රම සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ සංවාදය සමාජය ඉදිරිපිට තැබුවේය. 

  • මියගිය අපේ දේහයන් භූමදානය කරන එක අපේ අයිතියක්. එයට ඉඩ නොදීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්.
  • කොවිඩ් එක්ක මේ කරන්නෙ මුස්ලිම් ජනතාවගෙන් පලි ගැනීම…. එය හිතාමතා පලිගන්න කළ ක්‍රියාමාර්ගයක්.
  • අපට තියන ප්‍රශ්නය මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ වැඩිම සංවේදී ප්‍රශ්නයට අන්තවාදී තවුහිද් ජමාද් මේ මැදිහත් වන විදිහ… ඔවුන් මේ කරන්නෙ කාගෙවත් කොන්ත්‍රාත් එකක්..
  • අලි සබ්‍රි වගේ මහත්මයෙක් මේ වගේ සංවිධානයක් එක්ක කතා කරන්නෙ නැති බව මට හොඳටම විශ්වාසයි. තව්හිද් ජමාද් මේ හදන්නෙ ප්‍රශ්නය වෙනත් තැනකට අරන්  යන්න… 

මේ ප්‍රශ්නය අපි මැදහත්ව කල්පනා කරලා බලලා මේ සංවාදය ඇති කරමු. අපි සංස්කෘතික මිනිස්සු විදහට මේ ගැටලුව දිහා බලමු.  මං ලාංකික සහෝදරවරුන්ගෙන් ඉල්ලලා සිටිනවා අපේ ප්‍රශ්නය තේරුම් ගන්න අපේ ඉල්ලීම හරියට තේරුම් ගන්න කියලා.

ඉස්ලාම් ධර්මය අනුව කෙනකු මිය ගියාම ඔහු වෙනුවෙන් සමාජයෙන් කළ යුතු යුතුකම් හතරක් අපිට ආගමෙන් පවරා තිබෙනවා ඒක සමාජ වගකීමක්.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පළමු දේ තමයි මැරුණු කෙනාව නෑවීම. දෙවෙනි එක සුදු රෙදි ඇන්දවිම. තුන්වැනි එක තමයි ඔහු වෙනුවෙන් සලාත් prayer එකක් ඉටුකිරීම. හතරවැන්න තමයි භූමදානය කිරීම.

මේ කොවිඩ් වසංගතයක් එක්ක නැහැවීමේ හැකියාව ලැබෙන්නෙ නෑ. සුදු රෙදි අන්දවන්න ලැබෙන්නේ නෑ. අපිට සලාත් කරන්න බැහැ. අපි කරන එකම ඉල්ලීම මෙයයි. අපට අපේ මිය ගිය ඥාතියාව භූමදාන කරන්න දෙන්න.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 180 කට අන්තිමට නොවැම්බර් 4වෙනිදා නිකුත් කළ උපදෙස් මාලාවේ පැහැදිලිව කියලා තිබෙනවා සෞඛ්‍යාරක්ෂිතව භූමදානය කරන්න ඉඩ දෙන්න කියලා.

අල් කුරාණයේ පැහැදිලිව කියලා තියෙනවා යමකු මරණයට පත්වුණාම ඔහු භූමදානය කරන්න කියලා. ව්‍යතිරේක තත්වයන් තුළදී අපට ඒ අනුව එකඟ වෙලා යන්න පුළුවන්. බලහත්කාර කම ඉස්ලාම් ආගම තුළ නෑ. අත්‍යවශ්‍ය මොහොතක අපට ලිහිල්ව කටයුතු කරන්න පුළුවන්. ඒත් දැන් අපට මේ ගැන සංවාදයට අවස්ථාව තියනවා.

අන්තවාදයේ  අවස්ථාවාදය

සෑම සමාජයකම ඉන්නවා සමාජයක් අවුල් කරන පිරිස්.  මුස්ලිම් ජනතාවගේ කොවිඩ් මරණ භූමදානයට රජය අවසර දුන් බවට අබ්දුල් රාසික් නිවේදනයක් නිකුත් කරනවා. දැන් මේක අවුලක්.   නිසි පිළිවෙලකට රජයකට රජයේ නිවේදන හරහා ගැසට් කරන්න කලින් ඔහු  සිලෝන් තවුහීඩ් ජමාත්හි මහලේකම්වරයා කියලා මේ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක් ද?. මෙය අපට විශාල ප්‍රශ්නයක්.

මම විශ්වාස කරනවා අධිකරණ ඇමැති අලි සබ්රි  කවරදාකවත් මෙවැනි පණිවිඩයක් ඔය කියන පුද්ගලයාට  කියන්නට ඇති කියා මම කිසිසේත් හිතන්නේ නැහැ. මම විශ්වාස කරන්නෙත් නැහැ.

මම පැහැදිලිව මේ රටේ ජනතාවට කියන්න කැමතියි සමස්ත මුස්ලිම් සමාජයේ බහුතරය අබ්දුල් රාසික්ලාගෙ මේ උද්ඝෝෂණය   පිළිබඳ ඉන්නේ ඍණාත්මක හැඟීමක. මට බොහෝදෙනා කතා කර කිව්වා මේක වැරදියි. අප මේ ඉල්ලීම දිනා ගත යුත්තේ මෙලෙස නෙවෙයි කියා. ඔවුන්ගේ මේ නිවේදනය දේශපාලනය තුළ මෙය වවාගෙන කෑමේ වුවමනාවක් විය හැකියි. මේකට ජාත්‍යන්තර මැදිහත්වීම අවශ්‍ය නෑ. අපි ලාංකිකයන් විදියට මේ ප්‍රශ්නය විසඳාගත හැකියි.

පලිගැනීමක් ද?

මම අහන්න කැමතියි මේ කොරෝනා රෝගීන් ගේ මලපහ මුත්‍රා ආදිය ජලයට මිශ්‍ර වෙන්නෙම නැද්ද? මේවා භූගත ජලය එක්ක සම්බන්ධ වෙන්නෙම නැද්ද? මේකද වෛරසයක් ඇති වෙච්ච ලෝකෙ පලවෙනි වතාව.

ජනාධිපතිවරණය එක්ක ඒ සමයේ දී මුස්ලිම් ජනතාව පිළිබඳ විශාල වැරදි මත පැතිරුවා. වඳ පෙති, පෙති වඳ කොත්තු, වඳ ජෙල් ගැන සමාජයේ වැරදි කතාබහ ඇති කරමින් මුස්ලිම් සමාජය ගැන වෛරය ඇතිකළා. ඡන්ද ප්‍රකාශය තුළ අපට ඒ වෙනස්කම් පෙනෙන්නට තිබුණා.

මුස්ලිම් සමාජය හිතනවා මේක භූමදානය නොකර මේ ආදාහනය කරන්නේ අපෙන් පළිගන්න කියලා.

සහරාන්ගේ ප්‍රහාරය නිසා වැඩිම පීඩාවට පත්වුණේ අන් කවරකුවත් නොවේ මුස්ලිම් සමාජය යි. හේතුව මුස්ලිම් සමාජය දැඩි ලෙස ඔහුව පිළිකුල් කළා. ඒ ප්‍රහාරය පිළිකුල් කළා. එවැනි නරක හේතු කාරණා ඇති වෙන බීජය ගැන හොයන්න රටක් විදිහට හැමෝටම වගකීමක් තියෙනවා. අපේ අතේ නීතිය නෑ අපිට දඬුවම් දෙන්න බෑ. එහෙම කරන්න ගියොත් ඊට පස්සේ කියන්නේ මුස්ලිම් අය දඬුවම් කරන්නත් පටන් ගෙන කියලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දෙන්න පුළුවන් කියල තියෙද්දි භූමදාන සඳහා මොවුන් බෑ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය.

එක රටක් එක නීතියක් තියෙන්නෙ කොහෙ ද?

මේ වන විට එක රටක් එක නීතියක් නැහැ. කොරෝනා වසන්ගතය ආවම රටේ නීතියක් ගෙනාවා අවමගුල් උත්සව තියන්න බෑ කියලා. හැබැයි එක්තරා ඇමතිවරයෙක්ගේ දේහය රට වටේ අරන් ගියා. ඒ මොකක්ද ඒ එතකොට?. බලය තියෙන අයට එක නීතියක් බලය නැති සාමාන්‍ය මනුස්සයට වෙන නීතියක්. ඒක දෙමළ මුස්ලිම් සිංහල කියලා අදාළ නෑ.

මේ වසංගතය මුල් කාලයේදී මැතිවරණයක් ඉදිරියෙන් තිබුණා. ඡන්ද ගැනීමේ අවශ්‍යතාවක් තිබුණා. මුස්ලිම් ප්‍රජාව පිළිබඳ වෛරී වෛරී සහගත තත්ත්වයන් මතු කළා. ඉන්පසුව කොවිඩ් වසංගතය සහිත වාතාවරණයක් පැමිණියා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකු ඇමතිවරයෙකුත් ඊයේ (10) කියා තිබුණා භූමදානය කියන එක කරන්න දෙන්න පුළුවන් කියලා. ලෝකෙ මේක කරනවා කියලා. රජයේ කැබිනට් ප්‍රකාශක තුමා පවා කියනවා මේක සලකා බලනවා කියලා. හැබැයි අපි සම්බන්ධව ගොඩනගපු වැරදි මානසිකත්වය එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් බැලීම කියන මානසිකත්වය නිසා මේ මොහොතේ මේක සාධාරණ බව හිතුනත් දීගන්න බැරි වෙලා තිබෙනවා.

මුස්ලිම් සමාජයේ පුද්ගලයකු මැරුණට පස්සේ ආදාහනය වෙනකොට ඒකට අපට විශාල වේදනාවක් තිබෙනවා. කිසිම කෙනෙක් කැමති නැහැ ආදාහනය වෙන්න. මේ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් ඉවසීමෙන් මේ ගැන පර්යේෂණ කරලා කරුණු සාකච්ඡා කරන කොට අපේ සමාජයේ ඔවුන්ට හිස නමනවා. නමුත් ඔවුන්ගේ නොවිමසා යම් යම් හේතූන් මත හෝ වෙනත් අය මේ තීන්දු තීරණ ගැනීම දිහා අපේ සමාජය සැකෙන් බලන තත්ත්වයක් මතුවී තිබෙනවා.

මීට පෙර ප්‍රහාර ගණනාවකින් අපගේ මුස්ලිම් සහෝදරවරුන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා ඝාතනය වී තිබෙනවා. නමුත් ඒ ප්‍රහාර වලදී අපේ . සහෝදරවරුන් මිය ගිය අවස්ථාවලදී අපි ඒක ආගමික කාරණාවකට කොටු කළේ නැහැ. අපි ඉල්ලීම් කළේ නෑ.

මේක ඉල්ලීමක් නෙමේ මේක මානව අයිතිවාසිකමක් ඒක භුක්ති විඳින්න සාධාරණ අයිතියක් ඉඩදෙන්න. මම ආණ්ඩුවෙන් නෙමෙයි මේ රටේ ඉන්න නිදහස් මධ්‍යස්ථ සියලු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඒකට ගරු කරන සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ ඉල්ලීම කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොන්නරුවට කෘෂි කර්මාන්තපුරයක්

Next Post

තවත් කොවිඩ් මරණයක් නිවේදනය කරයි… අද දවසට දැනට නිවේදනය කළ මරණ 4යි..

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.