ලෝක සම්භාවනාවට ලක් වූ විශිෂ්ටම පුරාවිද්‍යාඥයෙක් වන ආචාර්ය සිරාන් දැරණියගල ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට එතුමා 79 වැනි වියේ පසුවිය.
ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ ලෝකයේ සිටින විශිෂ්ටතම ප්‍රාඥයන් කිහිප දෙනා අතර සිටි විරල විද්වතෙක් වූ ආචාර්ය දැරණියගල ශ්‍රී ලංකාවේ නව පුරාවිද්‍යාවට පදනම දැමූ විද්වතා වූයේය.
ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ මුලු ලෝකයටම ප්‍රචලිත කලේ ආචාර්ය දැරණියගලයන් විසිනි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණිම් අංශය ආරම්භ කර පරීක්ෂණ කැනීම් දියත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම සහකාර කොමසාරිස් – කැණීම් ලෙස වර්ෂ 1968 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක් වුණු ඔහු එතැන් සිට අති දැවැන්ත වැඩ කොටසක් ජාතියට ඉටු කළේය. වර්ෂ 1992 සිට 2002 දක්වා දශකය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය දැරණියගලයන්ය.
“ පුරාවිද්‍යාවට ජාතික ප්‍රතිපත්තිය බිහි කළේ එතුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වී සිටින වකවානුවේ. ලෝකය සම්භාවනාවට ලක්වූ පර්යේෂණ ගණනාවක් එතුමා අතින් මේ භූමිය තුළ සිදුවුනා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එතුමා විශ්‍රාම ගියාට පස්සෙත් අවසන් මොහොත දක්වා දෙපාර්තමේන්තුවෙ විද්වතුන් එක්ක වැඩ කළා.“ ආචාර්ය දැරණීයගලයන් සමීපව ඇසුරු කළ තවත් විශිෂ්ට විද්වතෙක් වූ ආචාර්ය නිමල් පෙරේරා ලංකාසරට පැවසුවේය.
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.







