බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය ඉදිරිපිට දී ලංකාවේ අපරාධ විමර්ශකයින්ගේ රෙදි ගලවා හරක්කටා නිදහස් වූ හැටි!

by editor
ඔක්තෝබර් 9, 2022
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter
  • කුඩු ටොන් ගණන් ගෙනාවා කී හරක් කටාට එක කුඩු නඩුවක් අධිකරණයේ නෑ… මිනීමැරුම් ජාලයක් කළ බව කීවත් එක මිනී මැරුම් චෝදානවක්වත් පොලිසිය අධිකරණයට ගොනු කර නෑ…

  • හරක් කටාට විරුද්ධව අධිකරණයේ  ඇත්තේ අත්බෝමබ්යක් ලඟ තබා ගැනීම සහ මිනී මැරීමට තැත්කිරීම සම්බන්ධ චෝදනා දෙකක් පමණයි… මේ නඩු දෙකට අදාලව විවෘත වරෙන්තුවක් අරන් තියෙන්නෙත්  සැප්තැම්බර් 09…

  • සියලුම අධිකරණ කටයුතු හිතාමතා ප්‍රමාද කළාදැයි සැකයක්… 

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි    ජාත්‍යන්තර පොලීසිය  රතු නිවේදන   අංක  A9678/11-2021 යටතේ  රතු නිවේදනය නිකුත් කරන්නේ 2021 නොවැම්බර් 25 වැනිදා වුවද ඔහු ඩුබායි පොලිසිය මගින් පසුගිය අගෝස් 11 වැනිදා අත්අඩංගුවට පත්වන තෙක්   ඔහු සම්බන්ධව කිසිම ඵලදායී අධිකරණ ගොනුවක් සම්පාදනය වී නැති බව  හෙළි වී තිබේ.

මිනීමැරුම් තිහකට ආසන්න ප්‍රමාණයක් හා මත්කුඩු ටොන් එකකට සම්බන්ධව චෝදනා රැසක් පොලිිසිය විසින්ම එල්ල කර තිබුණ ද එවැනි කිසිම චෝදනා පත්‍රයක් රටේ කිසිම  අධිකරණයකට ඉදිරිපත් වී නැති බවත්,  හරක්කටාට  එරෙහිව අධිකරණයේ තිබුණේ  අත්බෝම්බයක් ලඟ තබා ගැනීම සහ මිනී මැරීමට තැත්කිරීම සම්බන්ධව චෝදනා දෙකක් පමණක් බවත් වාර්තා වේ.

මාතර මහාධිකරණයේ ඔහුට එරෙහිව ඇති  බී.ආර්. 2150/15  දරණ අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ නඩුවකට  සහ බී.ආර්. 1514/20 යටතේ   මිනීමැරීමට තැත් කිරීමේ නඩුවකට අදාලව එම චෝදනා   දෙක ඉදිරිත් වී තිබේ.

රතු වරෙන්තුව ලබා ගන්නෙත් මෙම චෝදනා සම්බන්ධව අධිකරණය මගහැරීම පිලිබඳ කරුනු ඉදිරිපත් කිරීමෙනි.

අත්අඩංගුවට ගත් පසුවත්  ලිපි ගොනු හැදී නෑ

දැනට ඉදිරිපත්වී ඇති කරුණු ප්‍රකාරව පසුගිය අගෝස්තු 09 වැනිදා ඩුබායිහි දී අත්අඩංගුවට ගත් හරක්කටා අත්අඩංගුවට ගත් බවට  ජාත්‍යන්තර පොලීසියේ අබුඩාබි ශාඛාව මගින් මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත නිල වශයෙන් දැනුම් දීම කර ඇත්තේ අගෝස්තු 19  වෙනිදාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ ඔහුව අත්අඩංගුවට ගෙන දින 08 කට පසුවය.

එම නිල දැනුම්දීමත් සමඟ සඳහන් කරනුයේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින උදර්පන අවබෝධතා ගිවිසුමේ 08 වැනි  වගන්ති ප්‍රකාරව දින 30ක් ඇතුළත මෙම පුද්ගලයාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උදර්පන අයදුම්පත එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් වෙත යොමු කරන ලෙසය. එනම්  සැත්තැම්බර් 12 වෙනිදාට පෙර උදර්පන අයදුම්පත යොමු කළ යුතුව තිබිණි.

එම උදර්පන අයදුම්පත සකස් කිරීමට අදාලව පළමු සාකච්ඡාවටය නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පොලිසිය අගෝස්තු 23 වැනිදා පවත්වා තිබේ.

එම සාකච්ඡාවට  නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලින්ද රණසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි එක් වී තිබේ.

පොලිසිය පාර්ශවයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එක් වී ඇත.    .

එහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඇති  උදර්පන අවබෝධතා ගිවිසුමේ වගන්ති 08 ප්‍රකාරව ගොනුවක් සකස්කර තමන්ට පිටපතක් සහිතව  මධ්‍යම බලධාරී (Central Authority) ලෙස කටයුතු කරන ආරක්ෂක ලේකම් වෙත එය භාරදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.

ඩුබායි බලධාරීන් වෙත ගොනුව යොමුවිය යුතුව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කිරීමෙන් අනතුරුවය.

නඩුවලට අදාල විවෘත වරෙන්තුවක්වත් නෑ…

කෙසේ වෙතත් හරක්කටා ඩුබායි පොලිසිය විසින් රතු වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගන්නා තෙක්  අඩුම තරමින් ඔහුට එරෙහිව රතු නිවේදනය ලබාගත් මාතර මහාධිකරණයේ විභාගවන නඩු දෙකට අදාළව විවෘත වරෙන්තුවක් හෝ පොලීසිය ලබාගෙන තිබී නැත.

නීතිපති දෙපාර්තමේන්තුව එය පොලීසියට  මතක්කර දුන් පසු හරක්කාටට එරෙහිව විවෘත වරෙන්තුව කැඳවන්නේ  සැත්තැම්බර් 09 වෙනිදාය. ඒ මිනීමැරම් ජාලයකට හෝ කුඩු ටොන් ගණනක් ගෙන්වීම සම්බන්ධව නොව,   අත්බෝම්බයක් ළඟතබා ගැනීමේ සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා දෙක  සම්බන්ධයෙන් මාතර අධිකරණයේ  විභාගවන නඩු දෙකකට අධිකරණය මගහැර සිටීම මුල්කරගෙනය.

හරක් කටාව මෙරටට භාරදෙන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන් වෙත යොමු කෙරන ගොනුව සකස් වන්නේ එම විවෘත වරෙන්තුවද ඇතුළත් කෙරමිනි.

ලිපිගොනුව ආරක්ෂක ලේකම් අතට යන්නෙ අන්තිම දවසේ…

සැප්තැම්බර්  12 වෙනිදාට පෙර ඩුබායි බලධාරීන් වෙත යොමුකර තිබිය යුතුවූ  එම ගොනුව මධ්‍යම බලධාරී (Central Authority) වන ආරක්ෂක ලේකම් වෙත යොමුකරනු ලබන්නේ සැප්තැම්බර් 12 වැනිදා ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරියෙකු විසින් එම ගොනුව රැගෙන ගොස් එදින භාරදෙන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ අතටය. ඒ එහි පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවටද යොමුකිරීමෙන් අනතුරුවය.

එම ගොනුව ආරක්ෂක අමාත්‍යාශයේ නීති අංශයද ඊට පසුදින හෝ ඒ ආසන්න දිනකදී විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවද කියැවේ.

මේ අතර,  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින්ද අධිකරණයට කරුණු දක්වමින් හරක් කටා ට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට  පොලීසිය කටයුතු කර ඇත.

මෙසේ හරක් කටා සම්බන්ධයෙන් වූ ගොනුව සම්පූර්ණ කිරීමට සැලකිය යුතු කාලයක් වැයවෙද්දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව විසින් සැප්තැම්බර් 16 වෙනිදා ජාත්‍යන්තර පොලීසියේ අබුඩාබි වෙත පණිවුඩයක් යොමුකරමින්   හරක් කටා සම්බන්ධයෙන් උදර්පන ඉල්ලීම ක්‍රියාත්මක වන බැවින්, එතෙක් ඔහුව  මුදානොහරින ඉල්ලා ඇත.

එම ඉල්ලීම සිදුකරනවිටත්  දින තිහක කාලය ඉක්ම ගොස් දින 04 ගෙවී හමාරය.

නමුත් මේ අවස්ථාවේදී හරක්කටා තමන් වෙනුවෙන් ඩුබායිහි ඉහළම නීතිඥ සමාගමේ සහාය ලබා ගත්තේය. මෙරට මුදලින් කෝටි විස්සකට ආසන්න මුදලක් වියදම් කරමින් ලංකාවේ ප්‍රකට ජනාධිපති නීතිඥවරයෙක් ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගෙන්වාගෙන තරු පන්තියේ හෝටලයක නවත්වා සියලු නෛතික කාරණා සකස් කරගත්තේය. ලංකාවේ නීතිඥ කණ්ඩායමේ නීතිඥ ගාස්තු ලෙස ලක්ෂ 150ක වියදමක් දරා තිබුණ බව කියැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස හරක්කටා පසුගිය 03 වැනිදා නිදහස් වී ගියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලුත්ම තත්වය මේකයි… බංකොලොත් රට මැදි ආදායමෙන්  අඩු ආදායම් දිලිඳු රටක් ලෙස ස්වයං ප්‍රකාශයකට සැරසෙයි…  

Next Post

පන්සලේ විදුලි බිල අඩු වෙයි ! කලුවර වප් පොහොයට එළිය වැටෙයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.