එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව මෙට්‍රික් ටොන් මිලියන 60ක පොස්පේට් පවතිත්දී වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රජය රුපියල් බිලියන 06ක මුදලක් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ලෝකයේ දෙවන උසස්ම ගුණාත්මක බවින් හෙබි පොස්පේට් නිධිය වන්නේ එප්පාවල පොස්පේට් නිධිය යැයි ද මෙහි උතුරු කොටස මෙන්ම දකුණු කොටසේ මෙට්‍රික් ටොන් මිලියන 60ක සංචිතයක් පවතින බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කළ අධ්‍යනයකින් සනාථ වී තිබේ.
රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ බහුකාර්ය ව්‍යාපෘතියක් වශයෙන් එප්පාවල පොස්පේට් නිධිය උපයෝගි කර ගත හැකි බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබුනත් , මෙතෙක් එම ස්වාභාවික සම්පතින් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව ද කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කළේය
වසර 1979 සිට නිසි ප්‍රයෝජනයක් නොගෙන පවතින ජාතික සම්ප ආශ්‍රිතව වී හා අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර හා තනි සුපිරි පොහොර (TSP හා SSP) නිෂ්පාදනය ඉක්මනින්ම ආරම්භ කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් වේ. .