එය අසිරිමත් ආගමනයකි. කොළඹට එන ලෝකයේ විශාලතම නෞකාව ගැන අපි කතා කළෙමු. ඒ බහාලුම් නෞකාව ‘EVER ACE’ ය.
එවර්ග්රේස් කොළඹ වාරයාට පැමිණියාය. ඒ ඊයේ (05) රාත්‍රියේය.
මේ ‘EVER ACE’ නෞකාව කොළඹ වරාය වෙත පැමිණි මංගල ගමනය. ඒ බව වරාය අධිකාරිය තහවුරු කරන්නේය. කොළඹ වරායත් ඇතුළත්ව ‘EVER ACE’ හැසිරවිය හැක්කේ ලෝකයේ වරාය 24කට පමණි.
‘EVER ACE’ කොළඹ ඇවිත් අපේ රටේ මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇණ යමක් පෙන්වා දී තිබේ. අප මේ තරම් මහා සම්පත් සහිත ජාතියක් බවය. අවශ්‍ය වන්නේ රට ගොඩනැගිම සඳහා තුට්ටු දෙකේ ඩීල් නැති අවංක දැක්මක් හා කැප කිරීමක් පමණි.
‘EVER ACE’ ආගමනය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් බව වරාය අධිකාරිය කීවත් ඒ අනාගත ආර්ථිකය ගොඩනගා ගත හැකි පෞරුෂයක්, රහිත පාලනයක් තුළ ‘EVER ACE’ හි මේ ගමනත් තවත් එක් නාවික ගමනක් පමණක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දකිමු.
කියවන්න…
ලෝක අවධානය කොළඹට ! ලෝකයේ විශාලම නෞකාව 𝗘𝗩𝗘𝗥 𝗔𝗖𝗘 හෙට කොළඹ වරායට…